දකුණේ පාසැල් දරුවන්ගේ පැමිණීමේ ප්‍රගතියක් | සිළුමිණ

දකුණේ පාසැල් දරුවන්ගේ පැමිණීමේ ප්‍රගතියක්

ධර්‍මදාස සිරිවර්‍ධන - ගාල්ල දිස්ත්‍රික් සංචාරක

ඉන්න දරුවන්ගෙන්  විශය නිර්දේශ අරඹනවා - එන දරුවන්ට අසාධාරණයක් කරන්නෙ නෑ. සඳුදා සිට යථා තත්වයට ඒවි - විදුහල්පතිවරු කියති.

පසුගිය දින දෙකේදීට වඩා දරුවන් පාසැලට පැමිණීමේ ප්‍රගතියක් ඇති බව දකුණේ පාසැල්වල විදුහල්පතිවරු පවසති. ඒ අනුව අද (08) වන විට සමස්ථයක් වශයෙන් විදුහල්වල පැමිණීමේ ප්‍රතිශතය 12%  සිට 15%  දක්වා වර්ධනය වී ඇති බව දැනගන්නට ඇත. එහෙත් ග්‍රාමීය මට්ටමේ පාසැල්වල මේ තත්වය ඉහල අගයක් ගෙන තිබුණි.

ධර්මාශෝක විදුහලේ විදුහල්පති හසිත කේසර වෙත්තමුනි මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට මෙසේ පැවසීය. අපි ඉන්න දරුවන්ගෙන් විෂය නිර්දේශ පටන් ගත්තා. ඒ නිසා හෙට වෙන විට මේ තත්වය නැති වේවි. කොහොම උනත් 1-6 වසරවල පන්ති සඳුඳා පටන් ගත්තහම මේ තත්වය මග හැරී යථා තත්වයට ඒවි. දෙමා පියන්ට බියක් ඇති කර ගන්න තරම් හේතුවක් නෑ. පාසැලේ සියළුම ආරක්ෂාවල් යොදවලයි තියෙන්නෙ. ආරක්ෂක අංශ හොඳ අවධානයකින් ඉන්නවා. අවට සියළුම පාසැල්වල තත්වයත් එසේමයි. කොහොම උනත් එන දරුවට අසාධාරණයක් වෙන නිසා සාමාන්‍ය පරිදි අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

ඊයේ වන විටත් පාසැල් අවට දෙමාපියන් රැස්ව සිටි අතර පොලිසිය හා හමුදාවට අමතරව ආදි සිසු සිසුවියන්ද ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබුණි.

 

Comments