සාමය සහිත සමා­ජ­යක් ගොඩ­න­ඟමු | සිළුමිණ

සාමය සහිත සමා­ජ­යක් ගොඩ­න­ඟමු

බලය පිණිස උනුන් වන­සා­ගැ­නීම ඉක්මවූ, අප­රි­මිත සාමය සහිත සමා­ජ­යක් ගොඩ­නැ­ඟීම පිළි­බඳ බුදුන් වහ­න්සේගේ අනු­ශා­ස­නය මේ අනගි වෙසක් පුන් පොහෝ දිනයේ අප විසින් යළි මෙනෙහි කරනු ලැබිය යුතු­යැයි වෙසක් පණි­වි­ඩය නිකුත් කර­මින් ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පවසා සිටී.

ඒ පණි­වි­ඩයේ මෙසේද දැක්වේ:

ක්‍රි.පූ. සවැනි සිය­වසේ, එවක භාරත දේශයේ ශාක්‍ය ජන­ප­ද­යෙහි උපත ලැබ, නේරං­ජනා නදී තීරයේ පිහිටි බුද්ධ­ග­යාවේ බෝරුක මුලදී බුද්ධ­ත්ව­යට පත්ව, කුසි­නා­රාවේ උප­ව­ත්තන නම් සල් වන­යෙ­හිදී පරි­නි­ර්වා­ණ­යට පත් වූ සම්මා සම්බුදු රජා­ණන් වහ­න්සේගේ එකී ත්‍රිවිධ ජීවන අවස්ථා අනු­ස්ම­ර­ණය කර­මින් පූජෝ­ප­හාර පව­ත්වන අති උතුම් වෙසක් පුන් පොහෝ දිනය අදයි. සාවු­රු­ද්දක් මුළුල්ලේ ගංගා නිම්න­යෙහි සැරි­ස­ර­මින්, පර­සිදු ආචා­ර්ය­ව­රුන්ගේ ධර්ම මාර්ග ගවේ­ෂ­ණය කර­මින්, දුෂ්කර ව්‍රත­යන්හි යෙදුණු සිද්ධාර්ථ ගෞත­ම­යන් වහන්සේ, අව­සන වීර්යය, අධි­ෂ්ඨා­නය, ශ්‍රද්ධාව හා ප්‍රඥාව මූලික කොට මනුෂ්‍ය බුද්ධි­යෙන්ම බුද්ධ­ත්වය සාක්ෂාත් කළහ.

භීතිය, අන්ත­රාය විර­හිත, අන්‍යෝන්‍ය විශ්වා­සය සහිත මෛත්‍රී සහ­ගත සමා­ජ­යක උදාව පිණිස භාග්‍ය­ව­තුන් වහන්සේ දේශනා කළ ‘වෛර­යෙන් වෛරය නොසංසි‍ඳේ, අවෛ­ර­යෙන්ම වෛරය සංසි‍ඳේ‘ යන සදා­තන සත්‍ය­යෙහි යළි-යළිත් අපේ සිත් පිහි­ටු­වා­ලීම කෙරෙහි වීර්ය­වත් විය යුත්තේ මෙබඳු මොහො­ත­කය. අබෞ­ද්ධ­යන් බෞද්ධ කිරීම සඳහා හෝ තම ශාස්තෘ­ව­ර­යාගේ නාම­යෙන් හෝ එකද ලේ බිඳක් නොසෙල්වූ, ධර්මය ධර්මය ලෙසම දක්වා ලූ වසර 2563ක උදාර බෞද්ධ ඉති­හා­ස­යක් පිළි­බඳ අව‍බෝ­ධ­යක් ඇති අපි, අවි-ආයුධ බලය අති­ශය තාව­කා­ලික බව වට­හා­ගත්තෝ වෙමු.

කවර පර­මා­ර්ථ­ය­කින් පෙනී සිටි­යත් පාපය නිර­යට මඟ බව දැන, බුදුන් වහන්සේ වදාළ මෙත් කරුණා ගුණ පෙර­දැරි, අද­හම දහ­මින්ම පිටු­දක්නා මඟට ප්‍රවේ­ශව, මේ රට ස්ථිර­සාර අභි­වෘ­ද්ධි­යක් හා නිරු­ප­ද්‍රැත දේශ­යක් බවට පත් කිරී­මට මේ වෙසක් සමයේ අදි­ටන් කර­ග­නිමු.

Comments