මීවනගර් හි ඉදිකළ 202 වැනි උදාගම්මානය | සිළුමිණ

මීවනගර් හි ඉදිකළ 202 වැනි උදාගම්මානය

මඩකලපුව එරාවුර්පත්තු, මීවනගර් හි ඉදිකළ 202 වැනි උදාගම්මානය වන ‘යූ.එල්. දාවූද් ග්‍රාමම්’ පසුගියදා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත්වූ අවස්ථාව. රුපියල් ලක්ෂ 714 ක වියදමින් ඉදිකළ ‘යූ.එල්. දාවුද් ග්‍රාමම්’ උදා ගම්මානය නිවාස 25 කින් සමන්විත අතර අභ්‍යන්තර මාර්ග පද්ධතියකින්ද සමන්විතය. ගම්මානයට විදුලි බලය හා නළ ජලය සපයා ඇති අතර මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිලාභීන් වෙත අඩු පොලී නිවාස ණය ලබා දී ඇති අතර මෙය ද ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ යටතේ ඉදිවූ උදා ගම්මානයකි.

Comments