තන­තුරු දුන්නේ සුදු­ස්සන්ට පම­ණයි - රාජ්‍ය ඇමැති ඉරාන් | සිළුමිණ

තන­තුරු දුන්නේ සුදු­ස්සන්ට පම­ණයි - රාජ්‍ය ඇමැති ඉරාන්

රාජ්‍ය ආය­ත­න­වල ඉහළ තන­තුරු සඳහා නෑදෑ­යන්, හිත-මිතු­රන් පත් කිරී­මෙන් රට දියුණු කළ නොහැකි බවත්, වත්මන් ආණ්ඩුව වෘත්තී­ය­වේ­දීන් පම­ණක් ඒ තන­තුරු සඳහා පත් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍ර­ම­රත්න මහතා පසු­ගි­යදා පාර්ලි­මේ­න්තු­වේදී පැව­සීය.

 

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ පාර්ලි­මේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි­නි­ලමේ මහතා විසින් ලේක්හ­වුස් ආය­ත­නය 'රැස' නමින් මඩ පත්ත­ර­යක් මුද්‍ර­ණය කරන බවට පර්ලිමේන්තුවේදී පසුගිය දා කළ ප්‍රකා­ශ­යට පිළි­තුරු වශ­යෙනි. ලේක්හ­වුස් ආය­ත­නයේ සභා­පති ධුර­යට පත් කර ඇත්තේ වෘත්තී­ය­වේ­දි­යකු බවත්, මේ වන විට ලේක්හ­වුස් ආය­ත­නයේ පාඨක පිරිස වැඩි වී ඇති බවත් රාජ්‍ය ඇමැ­ති­ව­රයා මෙහිදී කියා සිටි­යේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමා­ග­මට හිටපු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ ඥාතීන් පත් කිරී­මෙන් කෝටි ගණ­නක අලා­භ­යක් සිදුව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

Comments