රට තුළ සදාචාරය පිරිහීම, මත්ද්‍රව්‍ය හා අපරාධ ව්‍යාප්තිය, උගත් තරුණ-තරුණියන් රට හැර-යෑම වැනි ප්‍රශ්න රැසක් මුහුකුරා ගොස් ඇති නිසාත්; ඒ සියල්ලට වඩා ප්රජාතන්ත්රවාදය, නිදහස යළි අහිමි වනු ඇතැයි යන බිය වර්තමානයේ මතුව ඇති නිසාත් රටේ අනාගතය බාරගැනීමට පියවර ගන්නා ලෙස මෙරට ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් කථානායකවරයා හමු වී පෙන්වා දී ඇත. රට තුළ දේශපාලන, ආර්ථික හා සමාජීය ස්ථාවර බවක් ඇති කිරීම සඳහා දේශපාලනිකව කිසිදු අන්තයකට නොගොස් මධ්‍යස්ථ හා පරිණත භාවයෙන් යුතුව කටයුතු කළ හැකි නායකත්වයක් අවශ්‍යව ඇති බව පෙන්වා දී ඇති ඔවුන් පවසා ඇත්තේ සුළු ජන කොටස්වලද සහාය දිනාගත හැකි, පළපුරුද්ද හා රාජ්‍යතාන්ත්‍රික සබඳකම්වලින් සපිරි නායකයකු ලෙස කරු ජයසූරිය මහතා කෙරෙහි තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බවයි.