රෝහල් අප­ද්‍රව්‍ය ටොන් සීයක්! | සිළුමිණ

රෝහල් අප­ද්‍රව්‍ය ටොන් සීයක්!

ස්නා­හිර, මධ්‍යම සහ දකුණු පළාත්හි රෝහල් සාය­නික අප­ද්‍රව්‍ය ටොන් සිය­ය­කට අධික ප්‍රමා­ණ­යක් ගොඩ­ගැසී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙන­රාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පව­සයි.

මේ දින­වල ඇද­හැ­ළෙන අධික වර්ෂා තත්ත්වය හේතු­වෙන් මේ අප­ද්‍රව්‍ය නිසා විශාල උව­දු­රක් සිදු වනු ඇතැ­යිද මේ තත්ත්වය තව­දු­ර­ටත් පැව­තුණ හොත් රෝහල් සේවා පවා අක්‍රිය වන තත්ත්ව­යක් ඇති වන බවද ඒ මහතා පව­සයි.

රෝහල් තුළ සාය­නික අප­ද්‍රව්‍ය සෞඛ්‍යා­ර­ක්ෂිත ලෙස පුලුස්සා දැමීම පිණිස මුතු­රා­ජ­වෙල ඉඩ­මක් වෙන් කර එහි දාහ­ක­යක් ඉදි කර­න්නට කැබි­නට් අනු­මැ­තිය ලැබුණු අතර, ඒ දාහ­කය ඉදි කර සක්‍රිය කිරීම ආරම්භ වී මාස කීප­ය­කට පසු වත්තල ප්‍රාදේ­ශීය සභාව ඒ කට­යුතු සිදු කළ ආය­ත­නයේ වෙළෙඳ බල­ප­ත්‍රය අත්හි­ටු­වනු ලැබීම නිසා මේ ගැට­ලුව උග්‍ර වී ඇත.

Comments