පිළි­යන්දල මාම්පේ ගනේ­වත්ත දේවා­ලයේ අව­සන් රන්දෝලි පෙර­හර සඳුදා | සිළුමිණ

පිළි­යන්දල මාම්පේ ගනේ­වත්ත දේවා­ලයේ අව­සන් රන්දෝලි පෙර­හර සඳුදා

 හය­වන පරා­ක්‍ර­ම­බාහු රාජ සමයේ එතු­මාගේ සෙන්ප­ති­යකු වූ සෙම්බ­ග­බ්පෙ­රු­මාල් හෙවත් සපු­මල් කුමා­රයා විසින් මෙම දේවා­ලය ඉදි­ක­ර­න්නට ඇතැයි විශ්වාස කැරේ. අතීත කතා අනුව කියැ­වෙන්නේ යාපා පටුන ජය ගැනී­මට යන ගම­නේදී සපු­මල් කුමා­රයා විසින් මෙම ස්ථානයේ අඹ වන­යක් දැක කිහිප දිනක් නතර වී විවේක ගත් බවක් කියැවේ. ආපසු ගමන යන්නට පිටත් වී යාපා පටුණ ජය­ගෙන පැමි­ණිය හොත් මෙම ස්ථානයේ දෙවො­ලක් ඉදි­ක­රන බවට සපත වී තිබේ. කෙසේ හෝ යුද්ධය ජය ගැනී­මෙන් පසු සපු­මල් කුමා­රයා විසින් මේ ස්ථානයේ කත­ර­ගම දෙවි­යන් උදෙසා දොවො­ලක් ඉදි­කර තිබේ. එකල එම ස්ථානයේ තිබූ ඉපැ­රණි බෝධීන් වහන්සේ මෙන්ම තව­මත් දක්නට ලැබේ.

මේ කතාව හා කියැ­වෙන කතා බොහෝය. මාම්පේ ගණේ­වත්ත දේවා­ලය මෙන්ම අවට ගම් බිම් හා සම්බන්ධ කතා ද වේ.

අනා­දි­මත් කලක සිට ජනයා විසින් පුද පුජා පව­ත්වන ලද දේවා­ලය එක් කාල­යක වල්බිහි වී තිබිණි. එසේ තිබූ දෙවොල යළි එළි­පෙ­හෙළි කර පුද බිමක් බවට කර ඇත්තේ එව­කට සංස්කෘතික උප ඇම­ති­ව­ර­ය­කුව සිටි සෝම­වීර චන්ද්‍ර­සිරි මහ­තාය. එතුමා විසින් මෙම ස්ථානය යළි නගා සිටු­ව­මින් පෙර­හැර පැවැ­ත්වීම ආරම්භ කර ඇත්තේ 1949 වස­රේ­දීය. එතැන් පටන් මේ දක්වාම දාන­ප­ති­යන්ගේ හා ප්‍රදේ­ශ­වා­සීන්ගේ උදව් උප­කාර ඇතිව ගනේ­වත්ත දේවා­ලයේ ඇසළ පෙර­හර මංගල්‍ය උත්ක­ර්ෂ­වත් අයු­රින් පැවැත්වේ. මෙව­රද පෙර­හර පැවැත්වෙන අතර අව­සන් රන්දෝලි මහ පෙර­හර 23 දා පිළි­ය­න්දල නග­රය ඔස්සේ විථී සංචා­රය කරනු ඇත. මෙම ඓති­හා­සික ගනේ­වත්ත දේවා­ලයේ ප්‍රධාන කපු මහතා වන්නේ මහී සුදේශ් වැලි­ව­ත්තය.

Comments