නිය­මිත තැන පත්තර නැති කළු­තර පුස්ත­කා­ලය | සිළුමිණ

නිය­මිත තැන පත්තර නැති කළු­තර පුස්ත­කා­ලය

කළු­තර මහ­ජන පුස්ත­කා­ල­යට ඇතුළු වන විට පාඨ­ක­යින්ගේ බඩු­භාර ගෙන කාඩ්ප­තක් නිකුත් කිරීම සඳහා පසු­ගිය කාලයේ පෞද්ග­ලික ආර­ක්ෂක අංශයේ නිල­ධා­රි­යෙකු පත්කර තිබුණි. අත්සන් කර­න්නට පොතක් තිබු­ණත් සම­හර දින­ව­ලට පෑන නැත. මේ වන විට ශාලාව තුළ ද පත්තර තැබී­මට ස්ථාන­යක් වෙන් කර තිබු­ණත් ඒ නිය­මිත තැන පත්තර නැත. දින­පතා, සති­පතා පත්තර එකම තැන ඇත. පසු­ගිය කාලයේ පාඨ­ක­යින් පුව­ත්පත් මඟින් පුස්ත­කා­ලයේ අඩු­පාඩු පෙන්වා දීම නිසා ලංකා­දීප පුව­ත්පත මාස­යක් එකට ගොනු­කර තිබුණි. මේ වන විට දින­පතා පත්තර තැන් තැන්වල ඇත. ඇතැම් පාඨ­ක­යින් පත්ත­ර­වල අවශ්‍ය කොටස් කපා ගැනීම සිදු කරන නමුදු මේ ගැන සොයා බල­න්නට කෙනෙකු නැත.

කවු­න්ට­රයේ සිටිය යුතු නිල­ධා­රින් ශාලාව තුළ නිත­රම කතා කර­මින් සිටින බව පෙනේ. පසු­ගිය පත්ත­ර­යක් ලබා ගැනී­මට ඒ අය සිටින තැනට යා යුතුය. අප රාක්කය මත තබන බඩු බාහි­රා­දි­යට වග­කි­යන්නේ කවුද? බල­ධා­රින්ගේ කාරු­ණික අව­ධා­නය මේ කෙරෙහි යොමු කරන මෙම පුස්ත­කා­ලයේ අඩු­පාඩු නිවැ­රැදි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.

එච්. තරිදු පිය­මල් සිල්වා

ගොර­ක­දෙ­නිය,

Comments