"අම්ෆන්" දිවයිනෙන් ඉවතට | සිළුමිණ

"අම්ෆන්" දිවයිනෙන් ඉවතට

වයඹ සහ බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පවතින "අම්ෆන්" ඉතා ප්‍රචණ්ඩ සුළි කුණාටුව උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර අද (20) දින අපරභාගය වන විට බටහිර බෙංගාල වෙරළ හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ, දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට, විශේෂයෙන් නුවරඑළිය, කළුතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 පමණ තද වැසිද ඇති විය හැකිය.

දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Comments