ජනාධිපති අනුරාධපුර තලාව ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක | සිළුමිණ

ජනාධිපති අනුරාධපුර තලාව ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක

නුරාධපුර තලාව ප්‍රදේශයේ ජනතාවගේ ගැටලු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ජූලි 3 වැනිදා නියැළුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් තම්මැන්නාව නිදහස් උද්‍යානය අසළ පිහිටි තම්මැන්නා වැව නිරීක්ෂණය කිරීමෙන් පසු කෘෂිකාර්මික ගැටලු ඇතුළු ප්‍රදේශයේ පවත්නා ජනතාවගේ ප්‍රශ්නවලට සවන්දුන් අවස්ථාව මෙහි දැක්වේ. රජරට වැව් ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කිරීමට ජනාධිපතිවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙම අවස්ථාවට පරිසර හා වනජීවී හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති රංජිත් සමරකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජායාරූපය - අමිල ප්‍රභාත් වනසිංහ (අනුරාධපුර අතිරේක)

Comments