සිරි­ල­කට නිද­හස ලබා­දෙ­න්නට මූලික වූ බ්‍රිතාන්‍ය කම්කරු අමාත්‍ය ක්ලෙමන්ට් ඇට්ලි | සිළුමිණ

සිරි­ල­කට නිද­හස ලබා­දෙ­න්නට මූලික වූ බ්‍රිතාන්‍ය කම්කරු අමාත්‍ය ක්ලෙමන්ට් ඇට්ලි

බ්‍රිතාන්‍ය අගමැති ක්ෙල්මන්ට් අැට්ලි

 

බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට ක්ලෙමන්ට් ඇට්ලි දෙවන වරට පත්වූයේ 1950 වසරේදීය. ඉන් අනතුරුව 1951 දි වින්සන් චර්චිල් බලයට පත්ව අගමැතිවරයා විය. වර්ෂ 1951 දි, බ්‍රිතාන්‍යයේ බිහිවුණු මෙම ශ්‍රේෂ්ඨ, විශිෂ්ට ජනනායකයෙක් වූ ක්ලෙමන්ට් ඇට්ලි බ්‍රිතාන්‍යයේ වංශාධිපති EARL පදවියකින් පිදුම් ලැබීය. එමෙන්ම ඇට්ලි ලේබර් - කම්කරු පක්ෂයේ නායකත්වය දිගටම දැරීය.

 

පෙබරවාරි 04 වැනිදා අති උත්සවාකාරයෙන් පැවැති නිදහස් උලෙළ නැරඹීමේදිත්, ඊට පෙර පැවති නිදහස් උලෙළවල්වලදිත්, ශ්‍රී ලංකාවට නිදහස ලබාදෙන්නට පිඹුරුපත් සැපයූ මූලිකවූ 1940 මැදභාගයේ එංගලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ ක්ලෙමන්ට් ඇට්ලි මැතිඳුන්ගේ නාමය අප නායක - කාරකාදින්ට අමතක වීම ඉතා කනගාටුදායකය. තවද මෙම 1940 ගණන්වකවානුව තුළදී එංගලන්තයේ බලය කොන්සර්වේටිව් පක්ෂයට - වින්ස්ටන් චර්චිල්ට හිමිව තිබුණේ නම් 1948 ශ්‍රී ලංකාවේ නිදහස සිහිනයක් වන්න ඉඩ තිබිණ.

ශ්‍රී ලංකාවේ වාසනාවට, 1940 මැදභාගයේ චර්චිල් පරදා ඇට්ලි අගමැති ධුරයට පත්විය. ප්‍රතිඵලය වූයේ ආසියාතික රටවල් වන ඉන්දියාව - බුරුමය - ශ්‍රී ලංකාව වැනි රටවල්වල නිදහස ලැබීමය.

එක්සත් රාජධානියේ භූමි ප්‍රමාණය ස්කෙවයාර් කිලෝමීටර් 243368කි. ස්කෙයාර් සැතපුම් 94,202කි. අගනගරය ලන්ඩනයයි. ශ්‍රී ලාංකිකයන්ගේ වාසනාවට 1945 - 1951 කාලපරාසය තුළදී බ්‍රිතාන්‍ය සන්නද්ධ රාජධානියේ බලය කම්කරු පක්ෂයට ලැබුණු අතර, ක්ලෙමන්ට් ඇට්ලි (1883 - 1967) අග්‍රාමාත්‍යධුරයට පත්විය.

නීතිඥයෙකුගේ පුතෙකුවූ ක්ලෙමන්ට් ඇට්ලි, එංගලන්තයේ සුප්‍රසිද්ධ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාගෙන නීතිවේදියෙක් විය. සමාජ සේවයට කැමැත්තක් දැක්වූ ඇට්ලි, නීති වෘත්තිය අත්හැර, දේශපාලනයට පිවිසියේය.

වර්ෂ 1883 ආරම්භ කරන ලද, මාක්ස්වාදි නොවුන, විප්ලවවාදි නොවී, සමාජවාදි වීම අපේක්ෂා කරන FABIAN SOCIETY ෆේබියන් සමාජයේ සාමාජිකත්වය ක්ලෙමන්ට් ඇට්ලි 1907 දී ලබාගත්තේය. බ්‍රිතාන්‍යයේ කීර්ති නාමය දසත පැතිරවූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ - (1856 - 1950) සිඩ්නි හා බ්‍රියට්‍රිස් වෙබ් පොටර් (1858 - 1943) ආදි වියතුන් ෆේබියන් සාමාජිකයන් වූහ. බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය ආරම්භ කිරීමට ඉහත නම් සඳහන් පිරිස දායක වූහ. මොවුනට තිබුණේ ධනවාදි අදහස් නොව, සමාජවාදි අදහස්ය.

කම්කරු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් ලෙස 1922 දි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ක්ලෙමන්ට් ඇට්ලි පත්විය. මොහු, 1930දි කම්කරු රජයට එක්විය. වර්ෂ 1931 දී. රැම්සේ මැක්ඩොනල්ඩ්, ජාතික සභාග රජයක් ස්ථාපිත කළ අවස්ථාවේදී ක්ලෙමන්ට් ඇට්ලි ඉල්ලා අස්විය. ඉන්පසුව, 1935 දි කම්කරු පක්ෂයේ නායකත්වය ක්ලෙමන්ට් ඇට්ලිට හිමිවිය. මෙම කෘතහස්ත විනයගරුක, අවංක දේශපාලනඥයා විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙකි. බ්‍රිතාන්‍ය බිහි කළ මහා යුග පුරුෂයෙකි.

තවද, 1943 - 1945 වකවානුවලදි ක්ලෙමන්ට් ඇට්ලි නියෝජ්‍ය අගමැතිවරයා ලෙසත්, 1942 - 1943 කාල පරිච්ඡේදය ඇතුළත මොහු, යටත් විජිත ලේකම් වශයෙනුත්, චර්චිල්ගේ යුද කැබිනෙට්ටුවේ සාමාජිකයෙක් වශයෙනුත් කටයුතු කොට ඇත.

ලෙනාර්ඩ් වුල්ෆ් Leonard Woolf යන නාමය, ඇතැම්විට, අප නූතන පරපුරට එතරම් හුරු නාමයක් නොවන්නට පුළුවන. බ්‍රිතාන්‍ය පාලන සමයේදි, යාපනය - මහනුවර - හම්බන්තොට යන දිසාව එතුමා බ්‍රිතාන්‍යයට යටත් ශ්‍රී ලංකා ආණ්ඩුවට සම්බන්ධ දිසාපතිවරයා ලෙස මොහු කටයුතු කළේය. හම්බන්තොට ප්‍රදේශයේ සේවය කරන සමයේදි, VILLAGE IN THE JUNGLE වටිනා ග්‍රන්ථය එතුමා රචනා කළේය. එතුමාගේ මේ විශිෂ්ට ඉංග්‍රීසි ග්‍රන්ථය, අති විශිෂ්ට වියතෙක් වූ ඒ. පී. ගුණ

රත්න ශූරීන් බැද්දේගම යන නමින් පරිවර්තනය කොට පළකළේය. මෙම විශිෂ්ට ඉංග්‍රීසි ජාතිකයා ලෙනාර්ඩ් වුල්ෆ් මැතිතුමා, ශ්‍රී ලංකාවට නිදහස ලබාදීමට අදාළ සන්දේශ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කිරීමේදී ද අනුග්‍රහ දක්වන ලදි. එතුමාගේ නාමය ද ගෞරවයෙන් සිහිපත් කරමු.

බ්‍රිතාන්‍යයේ අගමැති ධුරයට ක්ලෙමන්ට් ඇට්ලි දෙවන වරට පත්වූයේ 1950 වසරේදීය. ඉන් අනතුරුව 1951 දි වින්සන් චර්චිල් බලයට පත්ව අගමැතිවරයා විය. වර්ෂ 1951 දි, බ්‍රිතාන්‍යයේ බිහිවුණු මෙම ශ්‍රේෂ්ඨ, විශිෂ්ට ජනනායකයෙක් වූ ක්ලෙමන්ට් ඇට්ලි බ්‍රිතාන්‍යයේ වංශාධිපති EARL පදවියකින් පිදුම් ලද අතර විශ්‍රාම ලැබීය. එසේ වුවද, ඇට්ලි ලේබර් - කම්කරු පක්ෂයේ නායකත්වය දිගටම දැරීය.

එංගලන්තයේ දක්නට ලැබෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කොන්සර්වේටිව් සහ ලේබර් (කම්කරු) යනුවෙන් හැඳින්විය හැකිය. කොන්සර්වේටිව් පක්ෂය ධනවාදයට නැඹුරු පක්ෂයක් වූ අතර ලේබර් (කම්කරු) කම්කරු - පොදු ජනතාවගේ ජනාදරයට පාත්‍ර වූ පක්ෂයකි.

ජනතාවගේ සුබ සෙත උදෙසා, සමාජවාදි යෝජනා රැසක් කම්කරු අගමැති ක්ලෙමන්ට් ඇට්ලි ඉදිරිපත් කරන ලදි. ජනසතු ව්‍යාපාරය ආදි ප්‍රගතිශීලි යෝජනාවලට අමතරව, ජනතාවට නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමට අඩිතාලම දමමින්, ආර්ථික තත්ත්වය නංවාලීමට අදාළව එංගලන්ත බැංකුව ස්ථාපිත කිරීමත් ඇට්ලි පාලන සමයේදි ක්‍රියාත්මක කෙරිණ.

 

 

Comments