
දික්වැල්ල, වැවුරුකන්නල බුදුරජ මහා විහාරාධිපති අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ධුරන්ධර, කලාවිදු, ආචාර්ය දික්වැල්ලේ තිස්ස අනු නාහිමියෝ වසර 81 ක් ආයු වළදා, අද (19) උදෑසන අපවවත් වූහ.
කෙටි කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියේය.
අපවත් වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසුවූහ.
1940 මාර්තු 19 දින දික්වැල්ල වැලිහිටියේදී උපන් උන් වහන්සේ, දික්වැල්ලේ කුමාරතුංග මහ විදුහලින් මුලික අධ්‍යාපන ලබා පසුව දික්වැල්ල උතුර මහ විදුහලට ඇතුළත්ව වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේය.
වැවුරුකන්නල විහාරාධිපතිව වැඩසිටි රාජකීය පණ්ඩිත දික්වැල්ලේ විමලතිස්ස නායක හිමියන්ගේ උපාධ්‍යායත්වය යටතේ 1950 සැප්තැම්බර් මස 28 වැනි දින උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වූහ.
1961 ජුනි මස 25 වැනි දින කළ්‍යාණි සීමාමාලකයේදී උපසම්පදා ශීලයට පත්වූ තිස්ස හිමියෝ ශ්‍රී ලංකා විද්‍යදෝදය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
1982 දී එම පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී ධුරයට පත් වූ තිස්ස හිමියෝ පණ්ඩිත දික්වැල්ලේ විමලතිස්ස නායක හිමියන්ගේ අපවත්වීමෙන් පසු එම විහාරස්ථානයේ විහාරාධිපති පදවියට පත් විය.
එතැන් පටන් වසර 40 ක පමණ කාලයක් වැව්රුකන්නල විහාරස්ථානයේ විහාරාධිපති ධූරය හෙබවූ උන් වහන්සේ, අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක ධූරයද දරමින් සිටි සේක.
උන් වහන්සේගේ ආදාහනය පිළිබද පසුව දැනුම් දෙන බැව් දායක සභාව ප්‍රකාශ කරයි
දික්වැල්ල විශේෂ ජී.සිරිසේන. / ලස්ගල සමූහ, ලෂ්මන් කුමාරසිංහ