මාධ්‍යවේදීන‍් සඳහා කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි | සිළුමිණ

මාධ්‍යවේදීන‍් සඳහා කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් එහි ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම අද (14) ආරම්භ කෙරිණි.
 
ඒ අනුව මාධ්‍යවේදීන් සඳහා වන මෙම එන්නත්කණය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී ලබාදීම සිදු කෙරේ.
 
ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීමක් මත සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මැදිහත්වීමෙන් මෙය සිදු කෙරේ.

Comments