එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ සහායෙන් නැඟෙනහිර ආසියාවේ ඛනිජ තෙල් වෙළෙඳාමට ලංකාවත් එක්වෙයි | සිළුමිණ

එක්සත් ආරාබී එමීර් රාජ්‍යයේ සහායෙන් නැඟෙනහිර ආසියාවේ ඛනිජ තෙල් වෙළෙඳාමට ලංකාවත් එක්වෙයි

ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැඟෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙඳාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාල්ඩ් නසීර් අයිආමරි ජනාධිපති කාර්යාලයේදී සාගල රත්නායකට මෙම දැනුම් දීම කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කරන ආයෝජන කිහිපයක් පිළිබඳ පැවැති සාකච්ඡාවකදීය.

එහිදී මූලික වශයෙන් නැඟෙනහිර ආසියාවේ ඔවුන්ගේ ඉන්ධන අපනයන කටයුතු ලංකාව කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන බව දන්වා ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කොට ඒවා නැඟෙනහිර ආසියානු කලාපයේ රටවල අලෙවි කිරීමට නියමිතය.

ඊට අමතරව පූනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හා සංචාරක ව්‍යාපාරය හා හෝටල් කර්මාන්තය ගැන ද ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සමඟ තානාපතිවරයා සාකච්ඡා කොට තිබේ.

එසේම කෘෂිකර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වාදීමේ ව්‍යාපෘතියක් ගැන මෙන්ම ශ්‍රී ලංකාවට එන එමිරේට්ස් ගුවන් ගමන් වාර ගණන වැඩි කිරීමට ද එහිදී එකඟතාවය පළ කර ඇත. ඊට අදාළ ගිවිසුම් ඉදිරි කාලයේ අත්සන් කරනු ඇත.

Comments