මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවූ සමාගමට නීතිමය පියවර ගන්න | සිළුමිණ

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවූ සමාගමට නීතිමය පියවර ගන්න

මද්‍යසාර බෝතල් ලක්ෂයක ව්‍යාජ ස්ටිකර් අලවා ඇති බව තහවුරු වී ඇති බැවින් ඔවුන්ට පැන වූ රුපියල් පන්කෝටි විසි ලක්ෂයක දඩ මුදල් ඔවුන් නොගෙවන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසට රජයට අවධාරණය කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ සිළුමිණට ප්‍රකාශ කළේය. මෙම ව්‍යාජ ලේබල් සම්බන්ධව චෝදනා ලැබූ සමාගම ගැන මෙයට පෙරත් අපගේ විරෝධය මතු කර ඇති බව පෙන්වා දුන් ඔහු පවසා සිටියේ මෙවැනි බරපතළ වරදක් සම්බන්ධයෙන් රජය ගන්නා පියවර පිළිබඳ අප අවධානයෙන් පසුවන බවය.

Comments