ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ ලියූ කුර හ‍ෙඬකි වියැකෙන නවකතාවට | සිළුමිණ

ස්වර්ණ පුස්තක සම්මානය නෝබට් අයගමගේ ලියූ කුර හ‍ෙඬකි වියැකෙන නවකතාවට

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මඟින් 16 වැනි වරටත් සංවිධානය කළ 2022 වසරේ ප්‍රකාශිත සිංහල නවකතා අතුරෙන් විශිෂ්ටතම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානය හිමිකර ගැනීමට නෝබට් අයගමගේ ලියූ ‘කුර හ‍ෙඬකි වියැකෙන’ සමත් විය.

මෙය සුරස ප්‍රකාශනයකි.

සම්මාන උලෙළ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සැප්තැම්බර් 08 වන සිකුරාදා පස්වරුවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශ ප්‍රධානි මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහිදී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය සමඟ රුපියල් ලක්ෂ අටහමාරක මුදල් ත්‍යාගයක්ද ජයග්‍රහකයා වෙත පිරිනැමුණු අවස්ථාවයි මේ.

(ජායාරූපය - දුෂ්මන්ත මායාදුන්න)

Comments