AMF සහ Arpico Finance මූල්‍ය සමා­ගම් ඒකා­බද්ධ වෙයි | Page 2 | සිළුමිණ

AMF සහ Arpico Finance මූල්‍ය සමා­ගම් ඒකා­බද්ධ වෙයි

මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ පැරණිතම සමාගම් දෙකක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී සමාගම සහ ආර්පිකෝ ෆිනෑන්ස් පී.එල්.සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ පසුගියදා නිල වශයෙන් ඒකාබද්ධ විය.

දීර්ඝකාලීන උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවූ මෙම ඒකාබද්ධවීම සියලුම නීති රෙගුලාසීන්ට අනුකූලව සිදුකර තිබේ. ඒකාබද්ධවූ සමාගම් ද්විත්වය මින් ඉදිරියට AMF නාමය යටතේ සිය අත්දැකීම් හා පළපුරුද්ද උපයෝගී කරගනිමින් ව්‍යාපාර මෙහෙයුම් පවත්වාගෙන යාමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ මුල්‍යසේවා ක්ෂේත්‍රයෙහි ප්‍රමුඛතම නාමයක් බවට ඉක්මණින්ම පත්වෙනු ඇත.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් AMF සමාගමේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී, ටී.එම්.ඒ. සලේ මහතා මෙසේ පවසා සිටී. “මේ අවස්ථාව අපගේ සමාගමට ඉතාමත් වැදගත් සංධිස්ථානයක් බව මුලින්ම කියන්න කැමතියි.

අත්දැකීම් බහුල පළපුරුදු මුල්‍ය සේවා සමාගම් දෙකක හැකියාවන්, ශක්තීන් ඒකාබද්ධවීම හරහා අනාගත මුල්‍යසේවා ක්ෂේත්‍රයට ලබාදියහැකි දායකත්වයන් බොහෝමයි. මෙය සැබැවින් මනව පරිච්ඡේදයක ආරම්භය වනවාමෙන්ම සමාගම් දෙකෙහිම පාර්ශ්වකරුවන්ට වැදගත් ප්‍රතිලාභ හිමිවන ගමනක ආරම්භයවන බවත් කියන්න කැමතියි.

මෙතැන් සිට එක්ණ්ඩායමක් වශයෙන් එකම හැඟීමකින් කටයුතු කරමින් පාරිභෝගිකයා අංක එකෙහි තබා සලකන පාරිභෝගික සේවාවක්, විශිෂ්ට මුල්‍යසේවා හා නිපැයුම්පෙළක් ඔස්සේ ලබාදෙන්නට අපි සූදානමින් සිටිනවා.”

Comments