හානි­යට පත් වෙරළ පිරි­සිදු කිරී­මට පෝට් සිටියෙන් අත හිත | Page 2 | සිළුමිණ

හානි­යට පත් වෙරළ පිරි­සිදු කිරී­මට පෝට් සිටියෙන් අත හිත

ගිනිගෙන විනාශයට පත්වූ MV X-PRESS PEARL නෞකාවෙන් වෙරළ තීරයට ගොඩගැසූ සුන්බුන් සහ රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු වලට ශක්තියක් වෙමින් කොළඹ වරාය නගරයෙන් (Port City Colombo) රු. ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් පුද්ගලික ආරක්ෂණ උපාංග සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙත පරිත්‍යාග කිරීම පසුගියදා සිදුවිය.

සමුද්‍රය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වනවිට ත්‍රිවිධ හමුදාව සමඟ එක්වී, උස්වැටකෙයියාව සිට මීගමුව දක්වා කිලෝමීටර් 30 ක පමණ වෙරළ තීරය පවිත්‍ර කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී. එහෙත්, එම කටයුතු වල නියැළෙන්නන්ගේ ආරක්ෂාව උදෙසා නිසි පුද්ගලික ආරක්ෂණ උපාංග කට්ටල නොමැති වීම විශාල ගැටලුවක් වී පැවතුණි. ඒ සම්බන්ධයෙන් එම ආයතනය ඉදිරිපත් කළ ඉල්ලීමට වහාම ප්‍රතිචාර දක්වමින්, අත්වැසුම් 1,000 ක්, ආරක්ෂක ඇස් කන්නාඩි 1,000 ක්, පා ආවරණ කට්ටල 950 ක්, මුඛ ආවරණ 1,000 ක් සහ සවල් 204 ක් පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කළේ ය.

Comments