දෙවියන්ගේ ආහාර වූ මිනිසුන්ගේ අමෘතය | සිළුමිණ

දෙවියන්ගේ ආහාර වූ මිනිසුන්ගේ අමෘතය

දෙවියන්ගේ ආහාරය ලෙස සැලකෙන කොකෝවා ශාකය මුලින්ම ඇමේසන් ද්‍රෝණියෙන් ආරම්භ වී මෙක්සිකෝව ඇතුළුව මධ්‍යම ඇමරිකාවට ව්‍යාප්ත වූ බව කියනු ලැබේ. මේ කලාපයේ වැසියන් වන ඔල්මෙක්ස් සහ මයාස් කෝකෝවා පානය සැලකූවේ ‘දෙවියන්ගේ ආහාරය’ ලෙසයි. කොකෝවා පානයෙන් රසවත් වු ඇස්ටෙක් වැසියන් කොකෝවා ඇට මුදල් ලෙසද භාවිත කළ බවද කියනු ලැබේ.

දේශ ගවේෂක ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඇමරිකාවේදී කොකෝවා බීජය සොයාගෙන තිබුණු නමුත් ඉන් වසර 20කට පමණ පසු ඇස්ටෙක් වැසියන්ගේ තිත්ත පානයක්ව තිබු කොකෝවා පානීය වට්ටෝරුව ස්පාඤ්ඤයේ චාල්ස් රජු වෙත යවන ලද්දේ හිරැන්ඩෝ කෝඩ්ස් නැමැත්තකු විසිනි. එතැන් සිට සිට මේ පානයට සීනි එකතු කරමින් රත් කරමින් වැඩිදියුණු කළේ ස්පාඤ්ඤ වැසියන්ය.

1828දී කොකෝවා බීජ තෙරපන යන්ත්‍රයක් නිපදවීම, 1879දී ස්වීස් ජාතිකයන් කිරි සහිත සහ ඝන චොකලට් නිපදවීම මේ කොකෝවා බීජයේ වැඩි දියුණු අවස්ථා හැටියට දැක්විය හැකිය.

මෙලෙස වැඩි දියුණු වු කොකෝවා බීජය 17 වන ශතවර්ෂය වන විට යුරෝපීයයන් පාලනය කළ යටත්විජිතයන් වෙත හඳුන්වා දීමෙන් පසු අප්‍රිකාවේ සහ ආසියාවේ වාණිජ වගාවක් ලෙස සංවර්ධනය විය.

කෙසේ වුවද මෙහි ඉතිහාසය දක්වන අන්දමට ඉන් දසක 3කට පමණ පසු කොකෝවා නිෂ්පාදනයේ ආධිපත්‍යය ඝානාව, අයිවරි කෝස්ට්ස්, නයිජිරියාව සහ බ්‍රසීලය යන රටවල් අතට පත් වු බව සඳහන් කරයි. මේ රටවල් අතර අයිවරි කෝස්ට්ස් සහ බ්‍රසීලය හැරුණු විට තුන්වන විශාලම නිෂ්පාදකයා ලෙස දැක්වෙන්නේ මැලේසියාවයි.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවට අනුව ලෝකයේ මහා කොකෝවා බීජ නිෂ්පාදකයන් දස දෙනා (Topten) හැටියට හඳුන්වන්නේ අයිවරි කෝස්ට්ස්, ඝානාව, ඉන්දුනීසියාව, නයිජීරියාව, කැමරන්, බ්‍රසීලය, ඉක්වදෝරය, මෙක්සිකෝව, පීරු රාජ්‍යය සහ ඩොමිනිකන් ජනරජයයි. අයිවරි කොස්ටසය ලෝක කොකෝවා නිෂ්පාදන අවශ්‍යතාවෙන් 30%ක් පමණ නිෂ්පාදනය කරයි. ඔවුන් තම නිෂ්පාදන සපයන්නේ ලෝක පූජිත නෙස්ලේ සහ කැඩ්ස්බරි වැනි සමාගම්වලටයි.

නිෂ්පාදන ධාරිතාව ටොන් 1‚448‚992ක් පමණ වෙයි. කොකෝවා වගාව 1834දී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ බ්‍රිතාන්‍යයන් විසිනි. පොල් සහ රබර් වගාව අතර මිශ්‍ර වගාවක් ලෙස මේ් භෝගය මුලින්ම ඇරැඹෙන්නේ මධ්‍යම කඳුකරයේ මාතලේ සහ ඌව වෙල්ලස්ස යන ප්‍රදේශවලය. මේ ප්‍රදේශවල ඊට උචිත දේශගුණයක් පවතින බව පැවැසෙන අතර නව ව්‍යාපෘතියක් යටතේ මෙහි හෙක්ටයාර 3000ක වගාවක් ආරම්භ කර ඇති බවත් එමඟින් වසර 2000දී එයින් මෙට්‍රික් ටොන් 5‚550ක පමණ අස්වැන්නක් අපේක්ෂිතයි. මහනුවර, බදුල්ල, කළුතර, කුරුණෑගල, කෑගල්ල සහ මොනරාගල දිස්ත්‍රික්ක ප්‍රධාන කෙකෝවා ව්‍යප්ත දිස්ත්‍රික්ක ලෙස හැඳින්වේ.

මධ්‍යම සහ දකුණු ඇමරිකාව මෙන්ම කැරේබියන් දුපත්වලට ආවේණික ක්රයෙලෝල නම් දුර්ලභ කොකෝවා විශේෂය ශ්‍රී ලංකාවේ ද දැකිය. ක්රයෙලෝල නම් වර්ගය ලෝක නිෂ්පාදනයෙන් 5%ක් පමණ වෙයි.

කොකෝවාවල බීජ ප්‍රධාන වන අතර ඉන් චොකොලට් පමණක් නොව තවත් අතරමැදි නිෂ්පාදන රැසක් නිෂ්පාදනය කරයි. ඒ අතර කොකෝවා බටර් කොකෝවා පානය, පවුඩර් කේක් රස කැවිලි අයිස්ක්‍රීම් ඇතුළු බොහෝදේ නිෂ්පාදනයට යොදා ගන්නා අතර සමහර රටවල් කොකෝවා බටර් සබන් සහ ආලේපන නිෂ්පාදන සඳහා යොදා ගන්නා බව සඳහන් වේ. කොකෝවා නිෂ්පාදන දිවට රසැති ආහාරයක් ලෙස අප දන්නා නමුදු එය ඖෂධීය ගුණයෙන්ද යුක්ත බව බොහෝ දෙනා නොදනිති.

පිලිස්සුම් තුවාලවලට, කැස්සට, තොල වියළීමට, උණ, මැලේරියාව, රූමැටික් උණ මෙන්ම සර්පයන් දෂ්ට කළ විටද තුවාල සුවකිරීම් සහ විෂබිජ නාශක මෙන්ම ලේ පිරිසුදු කිරීම යනාදියට අත්බෙහෙතක් ලෙස යොදාගන්නා බවද සඳහන්ය. වර්තමානයේ කොකෝවා ඇටවලින් කෙරෙන මහා පරිමාණ නිෂ්පාදනය වන්නේ මිහිරි රසැති චොකලට්ය. නිෂ්පාදය සහ පරිභෝජනය අතින් මේ මියුරුරස ආහාරය ලෝක වෙළෙඳ ජාලයේ සුවිශේෂ වෙළෙඳ වටිනාකමක් හිමි කරගෙන සිටී. (අන්තර්ජාලය ඇසුරෙනී)

ඔබ කෘෂි ක්ෂේත්‍ර‍ෙය් ආර්ථික විශේෂඥයකු නම් ඔබේ ක්ෂේත්‍ර අත්දැකීම් අපට එවන්න.

සංස්කාරිකා,
රන්බිම,
සිළුමිණ කර්තෘ මණ්ඩලය,
ලේක්හවුස්,
කොළඹ 10. [email protected]

Comments