ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් 10ට එයිට්කන් ස්පෙන්ස් | සිළුමිණ

ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් 10ට එයිට්කන් ස්පෙන්ස්

එයිට්කන් ස්පෙන්ස් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් සහ ආයතන 10 අතරට එක්වී තිබේ. සහතික ලත් ප්‍රසිද්ධ ගණකාධිකාරීවරුන්ගේ ඇ‍ෙමරිකානු ආයතනය (AICPA), කළමණාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) එක්ව මෙම තෝරාගැනීම කරන ලදි. මෙම සමාගම් 10 ට ශ්‍රී ලංකාවේ ඉහළම තලයේ ආයතන 10 ක් ඇතුළත් වී තිබේ.

මෙම සමාගම් තෝරාගැනීමෙන් පසුව පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් සහ ආයතන ප්‍රධානීහු මෙන්ම රටවල් කිහිපයකම තානාපතිවරුන් සහ නිලධාරීහුද පැමිණ සිටියහ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විය. ශ්‍රී ලංකාවේ සිටින, ජපාන දූත මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී කත්සුකි කොටාරෝ ප්‍රධාන දේශනය පවත්වමින් උත්සවය වර්ණවත් කළේය.

කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය (CIMA) සහ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ගෝලීය වරලත් ආයතනය (CGMA) එක්ව මූල්‍ය ස්ථාවරය පිළිබඳ ඇගයීම්වලින් සමන්විත වාර්තාවක් ඇසුරින් ශ්‍රී ලංකාවේ ඉහළින්ම අගයන සමාගම් සහ ආයතන තෝරාගැනීම කරන ලදි.

ඉහළම පෙළේ ආයතනය සඳහා වෘත්තීය මට්ටමින් බදු සම්බන්ධ උපදෙස් සහ විගණන සේවා සපයන (KPMG) නියෝජිතයෝ පිරිසක් එම තෝරාගැනීම් සහ ලකුණු දීමේ ක්‍රමවේදය අනුමත කළහ.

Comments