පාරට කුණු දැමූ 3500කට දඩ | සිළුමිණ

පාරට කුණු දැමූ 3500කට දඩ

ජූලි පළමුවැනිදා සිට අප්‍රේල් 31 වැනිදා දක්වා කාලසීමාවේදී මෙරට එකතු වූ වෙන් නොකළ කසළ ටොන් 27,000ක් මඟින් කොම්පෝස්ට් මෙට්‍රික් ටොන් 13,000ක් නිපදවූ බව බස්නාහිර පළාත් හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය අනුගමනය කළ කුණුකසළ කළමනාකරණ නව වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස මේ සාර්ථකත්වය ලැබී ඇතැයි අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා පවසයි.

මීට අමතරව මහා මාර්ගවලට කුණු කසළ දැමූ පුද්ගලයන්ට රුපියල් ලක්ෂ 30ක දඩ ගැසීම් සිදු කර ඇති බවද එවැනි පුද්ගලයන් 3535 අත්අඩංගුවට ගත් බවද අමාත්‍යාංශය පවසයි.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ ආයතනය හා පළාත් පාලන ආයතන හා පොලීසිය එක් වී මේ දඩ ගැසීමේ හා අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත. 

Comments