යාපනයෙත් ජයකෙහෙළි නංවයි | Page 2 | සිළුමිණ

යාපනයෙත් ජයකෙහෙළි නංවයි

ලාංකේය පාසල් සහාය දිවීමේ පිටියේ වලල රත්නායක බාලිකාවන්ගේ අනන්‍යතාව යළිත් වතාවක් යාපනයේ දොරෙඅප්පා ක්‍රීඩාංගණයේ ජය කෙහෙළි නැංවෙද්දී, මිශ්‍ර පාසල් සහාය දිවීමේ ශූරතාව ද ඔවුන්ටම හිමි විය. සමස්ත බාලක ශූරතාව පසුගිය වසරේ කන්ද උඩරටින් ගෙන්දගම් පොළොවට ගෙනා ආකාරයෙන්ම අඛණ්ඩව මෙවරත් උතුරින් රැගෙන ඒමට කොටහේන ශාන්ත බෙනඩික්ට් බාලකයෝ සමත් වූහ. බාලක තෙවැනි ස්ථානය ද වලලට හිමිවිය.

බාලිකා අනුශූරතාව කුරුණෑගල සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය දිනාගත් අතර ඔවුන්ට මිශ්‍ර පාසල් අනුශූරතාව ද හිමිවිය. බාලිකා තෙවැනි ස්ථානය පසුගිය වසරේ මෙන්ම මෙවරද රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට හිමිවිය. බාලක අනුශූරතාව මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයට හිමි විය.

Comments