ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් තවත් ලොකු මුදලක් | සිළුමිණ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් තවත් ලොකු මුදලක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වසර 2016 දී ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය මුදලේ තුන්වැනි වාරිකය ඉක්මනින් මෙරටට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.

ආනයන අපනයන වියදම්වල පරතරය ඉහළ යෑම මඟින් මතු වූ විදේශ විනිමය හිඟයට පිළියම් යෙදීමට වසර 2016 දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේසා විශාල ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කිරීම එවක පැවැති මූල්‍ය අර්බුදය සමනය කිරීමට විශාල ශක්තියක් විය.

ඒ අනුව වසර 2016 - 2019 තුන් අවුරුදු කාලසීමාව සඳහා මේ ණය මුදල ලබාදීමට එකඟ වූ අතර ඉන් වාරික දෙකක් දැනටමත් මෙරටට ලබා දී අවසන්ය. එය පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 168.10ක් සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 119.89ක් ලෙසිනි. 

Comments