බ්‍රවුන්ස් සමාගමට රිදී සම්මානයක් | සිළුමිණ

බ්‍රවුන්ස් සමාගමට රිදී සම්මානයක්

බ්‍රවුන්ස් සහ සමාගම, 54 වන වාර්ෂික වාර්තා සම්මාන ප්‍රදානෝත්සවයේදී අඛණ්ඩව සිවු වන වරටත් වෙළඳ සමාගම් අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.

දිවයිනේ වාර්ෂික වාර්තා පිළිබඳ වඩාත් කීර්තිමත් තරගාවලියක් වන එමගින් මූල්‍ය වාර්තාකරණයේ ප්‍රමිතීන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව පවත්වා ගෙන යෑමට සහය වෙයි. බ්‍රවුන්ස් වාර්ෂික වාර්තාවන් වසර ගණනාවක් මුළුල්ලේ එහි ප්‍රශස්ත වාර්තාකරණ ප්‍රමිතීන් උදෙසා සම්මාන රැසකින් පිදුම් ලැබීය. මෙවර තරගාවලියේ තේමාව වූයේ “විශිෂ්ටත්වය ප්‍රතිමූර්තිමත් කිරීම” යන්නයි. ව්‍යාපාර සංවිධානයේ මෙහෙයුම් වඩාත් හොඳින් පිළිබිඹු කරමින් විනිවිදභාවය, වගවීම සහ යහ පාලනය ප්‍රවර්ධනය කරන, මූල්‍ය වාර්තාකරණයේ සීමා මායිම් ඉක්මවූ, ආයතනය පිළිබඳ පැහැදිලි, පරිපූර්ණ, සුවිශේෂී වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ආයතන එමඟින් පිළිගැනීමට ලක් කරයි.

බ්‍රවුන්ස් හි තුන්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව වන මෙය එහි ආර්ථික, සමාජීය සහ පාරිසරික කාර්ය සාධනය නියෝජනය කිරීම සඳහා ගෝලීය වාර්තාකරණ ක්‍රියාමාර්ගයන්හි හි මාර්ගෝපදේශ ඇතුළු ගෝලීයව පිළිගත් ප්‍රමිතීන් සහ භාවිතයන්ට අනුකූලව සකසා තිබේ.

Comments