සිංගර් වෙතින් තෙල් නැතිව ආහාර පිසින මයික්‍රොවේව් | සිළුමිණ

සිංගර් වෙතින් තෙල් නැතිව ආහාර පිසින මයික්‍රොවේව්

ශ්‍රී ලාංකික ජනතාව නිරෝගිමත් කිරීමේ අරමුණින් අවම තෙල් භාවිතයෙන් ආහාර පිළියෙල කර ගැනීම ප්‍රචලිත කිරීමට සිංගර් සමාගම පෙරමුණ ගෙන සිටී. මෙහි පළමුවැන්න ලෙස පසුගියදා සිංගර් මයික්‍රොවේව් භාවිතයෙන් තෙල් රහිතව ආහාර පිළියෙල කර ගැනීම පිළිබඳ දැනුවත් කිරීමක් කොළඹදී සිදුකරන ලදී.

මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ කුමාර සමරසිංහ මහතා පැවසුවේ 'සිංගර්' ශ්‍රී ලාංකිකයන්ගේ ජනප්‍රියතම වෙළෙඳ නාමය බැවින් පාරිභෝගික සුබසිද්ධිය උදෙසා බොහෝ සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඔවුනට සිය කෘතවේදීත්වය මේ ආකාරයෙන් පිරිනැමීමට හැකිවීම ද සතුටක් බවයි. එමෙන්ම මෙහි සාර්ථකත්වය සහ සහභාගී වූවන්ගේ ඉහළ ප්‍රතිචාර මත ඉදිරියේදී දිවයිනේ අනෙකුත් නගරවලටත් සිංගර් මයික්‍රොවේව් ඉවුම් පිහුම් වැඩසටහන දියත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සිංගර් ශ්‍රී ලංකා සමාගම 'සිංගර්' මයික්‍රොවේව් සමග සැම්සුන්, ව(ර්)ල් පූල්, ෂාප්, බෙකෝ ආදී වෙළෙඳ නාමයන්ගෙන් මාදිලි 10ක් පමණ වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත.

Comments