Yamaha AMW සහ FZ-3.0 වෙ‍ෙළඳපොළට | සිළුමිණ

Yamaha AMW සහ FZ-3.0 වෙ‍ෙළඳපොළට

ශ්‍රී ලාංකික රථවාහන ක්ෂේත්‍රයේ මගපෙන්වන්නා එසේත් නැතිනම් පෙරගමන්කරු වන ඇසෝසියේටඩ් මෝටර්වේස් පෞද්ගලික සමාගම තම යතුරුපැදි ඛාණ්ඩයේ නවතම මාදිලි ද්විත්වය වන Yamaha AMW සහ FZ - S version 3.0 ශ්‍රී ලාංකික වෙළඳපොළට පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

බොරැල්ලේ පිහිටි YAMAHA ප්‍රධාන ප්‍රදර්ශනාගාරයෙදී පැවති මෙම හඳුන්වා දීමේ අවස්ථාවට යතුරුපැදි අලෙවිකරුවන්, යතුරුපැදිවලට ආදරය කරන්නන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

එහිදී මෙම නවතම මාදිලිවල විශේෂාංගයන් දෑසින්ම දැකබලාගැනීමට මෙන්ම එහි අත්දැකීම් ලැබීමටද ඔවුන්ට අවස්ථාව ලැබීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාව තුළ ධාවනය වන අනෙකුත් 150 CC කාණ්ඩයේ යතුරු පැදි හා සංසන්දනය කිරීමේදී Yamaha FZ මාදිලිය අංක එක මාදිලිය බව යමහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ්රාන් සියාවුඩීන් මහතා යතුරුපැදිය හඳුන්වාදීමේ උත්සවය අමතමින් පැවසීය. මෙම නවතම Yamaha FZ සහ FZ - S version 3.0 මාදිලි වල වැදගත්ම විශේෂාංගය ලෙස ABS - Anti -Lock Braking System තිරිංග පද්ධතිය හඳුන්වා දෙන්න පුළුවන්. එය ඉතාමත් ආරක්ෂාකාරී ගමනක් ඔබට ලබා දෙන අතර හදිසි තිරිංග තද කිරීමේදී පසෙකට ඇදීයෑම සහ රෝද පාලනයෙන් තොරව ධාවනය කිරීම වළක්වනු ලබනවා.

Comments