විස්මා ඕග­නික් ෙවත ප්ලැටි­නම් සම්මා­නයක්­ | සිළුමිණ

විස්මා ඕග­නික් ෙවත ප්ලැටි­නම් සම්මා­නයක්­

කෘෂි­කා­ර්මික ක්‍ෂේත්‍රයේ විශි­ෂ්ටම ආය­ත­න­යක් වන විස්මා ඕග­නික් (පෞද්ග­ලික) සමා­ගම පසු­ගි­යදා පැවති බිස්නස් වර්ල්ඩ් අන්තර්ජාතික සම්මාන උලෙළේදී ප්ලැටි­නම් සම්මා­න­යක් දිනා ගත්තේය. කාබන් නිෂ්පා­දන ක්‍ෂේත්‍රයේ නියුතු විස්මා ඕග­නික්හි කර්මාන්ත ශාලාව ආන­ම­ඩුවේ සංග­ට්ටි­කු­ලමේ පිහිටා ඇත. වසර 2014දී ආරම්භ කරන ලද විස්මා ඕග­නික් ඉතා කෙටි කලක් තුළ ශීඝ්‍ර දියු­ණු­වක් ලබා මෙවැනි තත්ත්ව­ය­කට පත්වීම පිළි­බ­ඳව තමා අති­ශය සතු­ටට පත්වන බව විස්මා ඕග­නික් අධි­පති මෛත්‍රී ෆොන්සේකා මහතා පව­සයි. වසර 25ක් පමණ පරි­පා­ලන ක්‍ෂේත්‍රයේ අත්දැ­කීම් ඇති මෛත්‍රී ෆොන්සේකා මහතා දෙස් විදෙස් ආය­තන රැස­කට තම සේවය ලබා දී ඇති කීර්ති­මත් පරි­පා­ලන නිල­ධා­රි­යෙකි.

ඔහුගේ දක්‍ෂ­තා­වන් නිසා බංකො­ලොත් වීමට නිය­මි­තව තිබූ ප්‍රසිද්ධ සමා­ගම් කිහි­ප­යක් යථා තත්ත්ව­යට පත් කර ලාභ ලැබීම දක්වා රැගෙන යෑමට හැකි විය. මෙම ජය­ග්‍ර­හ­ණය සඳහා සහාය දැක්වූ සිය­ලුම දෙනා වෙත තම කෘත­ඥ­තාව පුද කරන බව පව­සන මෛත්‍රී ෆොන්සේකා මහතා මෙම සම්මා­නය තම සමා­ගමේ ඉදිරි ගම­නට විශාල රුකු­ලක් බවද සඳ­හන් කළේය. බිස්නස් වර්ල්ඩ් ඉන්ට­ර්නැ­ෂ­නල් විසින් සංවි­ධා­නය කරන ලද මෙම අලං­කාර සම්මාන රාත්‍රිය පසු­ගි­යදා කොළඹ ටාජ් සමුද්‍රා හෝට­ල­යේදී පැවති අතර මෙහිදී දෙස් විදෙස් ප්‍රකට ව්‍යාපා­රි­ක­යන් කිහිප දෙනෙ­කු­ටද සම්මාන පුදනු ලැබීය.

Comments