‘එලි­ෆන්ට් හවුස්’ ඉඟුරු ගොවීන්ගේ ජීව­නෝ­පාය වැඩි­දි­යුණු කරයි | සිළුමිණ

‘එලි­ෆන්ට් හවුස්’ ඉඟුරු ගොවීන්ගේ ජීව­නෝ­පාය වැඩි­දි­යුණු කරයි

හත­ර­ලි­යද්ද, මර­තු­ගොඩ, පූජා­පි­ටිය, හඟු­ර­න්කෙත, ගම්පොළ, ගම්පහ, ගාල්ල, කොළඹ සහ කුරු­ණෑ­ගල ප්‍රදේ­ශ­වල 600 ක් පමණ වූ ඉඟුරු ගොවීන්ගේ සමී­ප­තම ව්‍යාපා­රික හවු­ල්ක­රුවා බවට එලි­ෆන්ට් හවුස් මේ වන විට පත්ව තිබේ.

දශක දෙක­කට ආසන්න කාල­යක් පුරා­වට සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී හි කීර්ති­මත් අලියා ජින්ජර් බියර් සඳහා අවශ්‍ය කෙරෙන අමු ඉඟුරු සැප­යීම මෙම කුඩා­ප­රි­මාණ ඉඟුරු ගොවීන් විසින් සිදු­ක­රනු ලබයි.

2018 වසරේ දී පම­ණක් සමා­ගම විසින් වියළි ඉඟුරු මෙට්‍රික් ටොන් 50 ක් මෙලෙ­සින් ලබා­ගත් අතර මේ දක්වා කාල­ප­රි­ච්ඡේ­දය තුළ අමු ඉඟුරු මෙට්‍රික් ටොන් 2,100 ක් මිල දී ගනි­මින් සුවි­ශේෂී සන්ධි­ස්ථා­න­ය­කට පැමිණ තිබේ.

එලි­ෆන්ට් හවුස් සිය ප්‍රමු­ඛ­තම වෙළඳ නාමය වන EGB අඛ­ණ්ඩව වැඩි­දි­යුණු කර­මින් පව­තින අතර එහි මුල් වට්ටෝ­රුව නිප­දවා මේ වන විට ශත වර්ෂ­ය­කට ආසන්න කාල­යක් ගත වී ඇත. එය 1826 වසර දක්වා දිවෙන අතර මෑත වක­වා­නුවේ දී EGB ජන­ප්‍රි­ය­තා­වයේ කැපී පෙනෙන වර්ධ­න­යක් අත්පත් කර ගෙන තිබේ.

 

Comments