සූදු­ක­රු­වන්ට ක්‍රීඩා පරි­පා­ලන වැඩ බෑ | සිළුමිණ

සූදු­ක­රු­වන්ට ක්‍රීඩා පරි­පා­ලන වැඩ බෑ

ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා
ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා

 

‍ඔට්ටු ක්‍රීඩා­වට හා සූදු­ව­ලට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ කිසිදු පුද්ග­ල­ය­කුට මින් ඉදි­රි­යට ක්‍රීඩා පරි­පා­ල­න­යට සම්බන්ධ වීමට නොහැකි වන ආකා­ර­යට නව නීති සකසා ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කළ බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පැව­සීය.

 

ශ්‍රී ලංකා ක්‍රීඩා නීතියේ සංශෝ­ධ­න­යක් සිදු කර­මින් තමන් නව ගැසට් නිවේ­ද­න­යක් නිකුත් කිරී­මට පිය­වර ගත් බවත්, රටක් ගොඩ­නැ­ඟී­මට නම් ජන­ප්‍රිය තීර­ණ­ව­ලට ඉඩ නොදී අමි­හිරි තීරණ ගැනී­ම­ටද සිදු වන බවත් රටට යහ­ප­තක් කිරී­ම­ටත් ක්‍රීඩාව නැංවී­ම­ටත් තමන් කිසි විටක පසු නොබ­සින බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේ ය.

Comments