ආදරය.... ජීවිතය... විවාහය.... | Page 3 | සිළුමිණ

ආදරය.... ජීවිතය... විවාහය....

සිංහ ලග්න හිමියන්ට සුබ දින = ඉරිදා, බදාදා, සිකුරාදා

ශුභ වර්ණ = රතු (ළා රතු ) රෝස

ශුභ අංක = 01,04

ශුභ මැණික් = පද්මරාග සහ රතුකැට - කොරල්

දෛවය අංකය සුවිශේෂිතවේ.

ජ්‍යාන්තර තලයට පත් සිංහ ලග්න හිමියන් = නැපෝලියන් බොනපාට්, නීල් ආම්ස්ට්‍රෝන්, ඇල්ප්‍රඩ් හිව්කොක්, ජොර්ජ් බර්නාඩ්ෂෝ, ජැකොලයින් ඔනාසීස්, හෙන්රි ‍පොඩ්

ඔබ උපන් මොහොතේදී අහස් ග්‍රහ සිතියමේ සනිටුහන් වී ඇති ලග්න දොළොස අතුරින් එක් ලග්නයක් ඔබට හිමි වේ‍. චරිත හැසිරීම් රටාව අනුව එකම ලග්නයක යහපත් ගුණාංග මෙන් ම දුර්වලකම් ද පිහිටා තිබේ‍. කවර චරිතයක හෝ කළු සුදු වශයෙන් වෙන් කිරීමට නොහැකි බවත් යහපත් මනුෂ්‍යයන් තුළ අයහපත් ගති මිශ්‍රව ඇති බවත් නරක යැයි පිළිගත් පුද්ගලයින් තුළ පවා ඉතාම යහපත් ඇති බව ඇත්තකි. ලග්න චරිතාංග ඒ ඒ ලග්නවලට ගැළපෙන ලග්න හිමියන් ප්‍රේමය සහ විවාහයට ගැළපීම් හා නොගැළපීම් සහිත අය විග්‍රහ කරන ජීවන තොරතුරු එකතුවක් හඳුන්වා දෙන ‍ලිපි පෙළකි මේ.

ඩෙනිබෝලා, සොස්මා, ඇල්ජිබා, ජෙගියුලස් යන තරු හතරකින් හා දීප්තිමත් සහායක තරු පොකුරකින් හෙබි සිංහ රාශියේ සංකේත දසුන සිංහ රුවකි.

දැඩි ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශාවක් කුඩා කල සිටම මනසේ ස්ථාවර වී තිබීම නිසා ජීවිතයේ ඉදිරියට සෘජුවම ගමන් කරයි.

ජනතාව අතර කැපී පෙනේ. ආකර්ෂණීය ලග්නයකි. ජීවිතය තුළින් තුන්කල්ම දකී. සිංහ ලග්නකරුවන් තුළ සුවිශේෂි දක්ෂතා ඇත්තේ විවිධ විෂයන් හරහාය. සෑම විෂයක් ක්ෂේත්‍රයක්ම හැදෑරීමට උත්සුක වන චරිතයකි. කෙනෙකුට තමා පළමුවෙන් වරදක් නොකරයි. තමාට දිගින් දිගටම වරද්දන්නට ගියහොත් නින්දෙන් නැගිටින සිංහයා වැනිය. තමාට අන්‍යයන්ගේ පැසසුමට ලක්වන විටදී රහස් සතුරන් කිපේ. හරිදේ හරියටම කරයි. වැරදී දේ ඉවෙන් දනී. සිංහ ලග්නකරුවා කරන සියලුම සුබසාධක හෝ මහජන සේවාවන් වෙනුවෙන් කිසිම ප්‍රසංශාවක් තෑගි හෝ සහතික සම්මාන ලාභ කිසිවක් අපේක්ෂා නොකරයි. සිංහයා ද අල්පේච්ච දිවියක් ගත කරයි.

වටපිට බල බලා හොර ගල් අහුලමින්, තමා සමඟ කතා කරන කිසිවෙකුට සිංහ ලග්නකරුවා කැමැති නැත. දිය යටින් ගිනිහුළු ගෙනියන අය ගැන හොඳින් දනී.

සුප්‍රකට විනිශ්චය හා තක්සේරු අධීක්ෂණ තනතුරු දරන අය අතර සිංහ ලග්නකරුවා මුල් තැනක් ගනී. සිංහ ලග්න කරුවා මවු කුසේ සිටම ඉගෙන ගෙන ආ අයෙකි.

පෙම් සබඳතා හිදී සිංහ ලග්නකරුවන්ට ගැළපීම් ඇත්තේ සිංහ, තුලා, කුම්භ, මිථුන, මේෂ හා ධනු ලග්න හිමියන්ය. මකර, මීන, කටක, වෘශ්චික ‍නොගැළපේ. කන්‍යා ලග්න හිමියන් බුද්ධිමත් නිසා තැනට සුදුසු අන්දමට ක්‍රියා කරනු ඇත.

මකර - මීන - කටක දෙපක්ෂයේම පෙම් සබඳතා අතර මග බිඳ වැටෙනු ඇත. ගැඹුරු හා පරිපූර්ණ තෘප්තියක් අපේක්ෂා කරයි. සංයමය හා ස්වයං අභිමානය තුළ කිසියම් ආකර්ෂණීය සුන්දරත්වයක් එකතු කරයි. සහකාරියක් ලෙස යුගදිවියේ සහාය උපරිම අන්දමට පුදකරන්නීය. ගෘහණියක් ලෙසත් මවක් ලෙසත් ඉතාම ආදර්ශමත් නොපසු බට වීර්යයෙන් සිය පවුලේ දියුණුව පිණිස කැප වන අතර අවස්ථාවට උචිත ලෙස ක්‍රියා කරයි.

බොහෝ පිරිමින්ට සිංහ ලග්නකාරිය කප්රුකක් වේ යැයි ජ්‍යොතිෂ කියමනකි.

සිංහ ලග්න හිමියන් තමා ගන්නා වූ තීන්දු තීරණ ක්‍රියාකරන්නට යෑමෙන් රහස් සතුරන් ඇතිවේ. සමහර විට තමා ගන්නා තීරණ වෙනස් කරන්නට අකැමැතිය. දරදඬු ගතියක් ද පෙන්වයි. සමහර අවස්ථාවල ජීවිතයේ මැදි වියේ සිටම තමා සැලසුම් කරන ලද වැඩකටයුතුවල පූර්ණ සාර්ථකත්වයක් ද හිමිවේ.

Comments