සිළුමිණ ලග්න පලාපල‍ ( ඔක්: 06 සිට ඔක්: 12 තෙක්) | Page 2 | සිළුමිණ

සිළුමිණ ලග්න පලාපල‍ ( ඔක්: 06 සිට ඔක්: 12 තෙක්)

මේෂ

ගෙද­ර­දොර කට­යුතු සතු­ටින්

ලග්නා­ධි­පති කුජ, රවි හය­වැ­න්නේය. බුධ, සිකුරු හතේ ද, ගුරු අටේ ද, ශනි 9, රාහු 3 ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී යම් යම් බාධා ඇතත් සිත් සතු­ටට කරුණු යෙදේ. ආග­මික අංශ­යට වැඩි නැඹු­රු­වක් පෙන්වයි. වෘත්තීය සහ රැකියා කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා ඉස්මතු කළත් සිය උත්සා­හය තුළ කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. ආර්ථික වශ­යෙන් ශුභ­දා­යක වේ. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ලාභ ප්‍රයෝ­ජන ලැබිය හැකිය. ගෙද­ර­දොර කට­යු­තු­වල දී සිත් සතු­ටට කරුණු යෙදේ. එහෙත් සමා­ජීය කට­යු­තු­වල දී ප්‍රවේ­සම් වන්න. අප­වාද චෝද­නා­ව­ලට ඉඩ පවතී. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුය. අධ්‍යා­පන කට­යු­තු­ව­ලට ශුභයි. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩා මතුවේ. ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

 

වෘෂභ

බාධා මැද දියු­ණුව

ලග්නා­ධි­පති සිකුරු බුධ හය­වැ­න්නේය. රවි, කුජ 5 වැන්නේය. රාහු 2, ශනි, කේතු 8, ගුරු හතේ ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා අව­හි­රතා ඉස්මතු වේ. සිය උත්සා­හය සහ කැප­වී­මෙන් කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. වෘත්තීය සහ රැකියා සම්බ­න්ධ­යෙන් ශුභයි. ආර්ථික වශ­යෙන් යහ­පත් වුවත් ඔබට විය­දම් පක්ෂය පාල­නය කර ගැනීම අප­හ­සුයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ප්‍රවේ­සම් විය යුතුයි. යම් අව­හි­ර­තා­වන්ට ඉඩ මතු කළ හැකි බැවිනි. දරු­වන්ගේ කට­යුතු කෙරෙහි අව­ධා­න­යෙන් සිටිය යුතුයි. අධ්‍යා­පන අංශයේ දී විටෙක තර­මක් බාධා ප්‍රමා­දතා ඉස්මතු විය හැකිය. උත්සා­හය සහ කැප­වීම අව­ශ්‍යයි. ආග­මික අංශ­යට නැඹු­රුව ක්‍රියා කරයි. ස්නායු දුර්ව­ලතා, ලේ දූෂ්‍යා­බාධ, උෂ්ණා­ධික රෝගා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

මිථුන

අපතේ යන දේව­ලින්

අම­තර ආදා­යම්

ලග්නා­ධි­පති බුධ යෝග­කා­රක සිකුරු පූර්ව පුණ්‍ය­ස්ථා­නයේ ද වේ. රවි, කුජ 4 වැන්නේය. රාහු ලග්නයේ ද ශනි, කේතු 7 ද, ගුරු හයේ ද ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී තම කට­යුතු උදෙසා කිසි­යම් අන්ද­මක බාධා හා අව­හි­රතා ඉස්මතු කළ හැකිය. එහෙත් කර­ගෙන යන කට­යු­තු­වල දියු­ණු­වක් ලැබේ.

ආදා­යම් අය­හ­පත් නැත. අපතේ යන දේව­ලින් අම­තර ආදා­යම් ලබා­ගත හැකිය. ආදා­යම ලැබුණ ද විය­දම් අධික වේ. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාම­යට බාධා එල්ල නොවේ. දරු­වන්ගේ කට­යු­තු­වල දියු­ණු­වක් ලබයි.

අධ්‍යා­පන අංශ­ව­ලදී උත්සා­හයේ තර­මට සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන සැල­කි­ලි­මත් විය යුතුයි. උෂ්ණා­ධික රෝග බලපෑ හැකිය. වෛරස් රෝග, බෝවන රෝගා­දි­යට ඉඩ පවතී.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

කටක

නිෂ්ඵල විය­දම් අධික ගම­න්බි­මන්

යෝග­කා­රක කුජ, රවි දෙවැන්නේ ද, බුධ,

සිකුරු 4 ද, ගුරු 5 ද, ශනි, කේතු 6 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී තමාගේ කට­යුතු කර­ගෙන යෑමේ දී බාධා ප්‍රමා­දතා ඇති වේ. රාහු 12 ගමන් කිරීම තුළ මිල මුදල් නාස්ති වීම්ව­ලට ඉඩ පවතී. සතුරු කර­දර නිසා සිතට කන­ගාටු කල­කි­රීම් ඇති කළ හැකිය.

නිෂ්ඵල වූ ද විය­දම් අධික වූ ද ගමන් යෑමට සිදු වේ. ස්ථාන­ගත කට­යු­තු­වල වෙන­ස්කම් ඇති වේ. කර­ගෙන යන කට­යු­තු­ව­ලට බාධා ඇති වේ. වෘත්තීය සහ ආර්ථික වශ­යෙන් ද බුද්ධි­මත් විය යුතුයි. කල්ප­නා­කාරී විය යුතුයි. අන්‍ය­යන් සමඟ කට­යුතු කිරී­මේදී ඉතාම කල්ප­නා­කාරී නොවු­ව­හොත් බාධා අව­හි­රතා මතු කළ හැකිය. යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී කල්ප­නා­කාරී වන්න. ජය වර්ණය- ක්‍රීම් පාට, අංකය- 02, දිනය- සඳුදා

සිංහ

ආර්ථික වාසි

ලග්නා­ධි­පති රවි, කුජ දෙවැ­න්නේය. බුධ, සිකුරු තුන්වැ­න්නේය. ගුරු 4, ශනි, කේතු 5, රාහු 11 ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල කිසි­යම් අන්ද­මක දියු­ණු­වක් ලබා­ගනී. අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ලැබීම තුළ තමාගේ කට­යුතු සාර්ථක කර­ගත හැකිය. මිල මුදල් ලැබී­ම­අ­තින් යහ­පත්ය. වෙළෙඳ ව්‍යාපා­ර­වල යෙදී සිටින අයට ශුභ­දා­ය­කයි. ක්‍රම­යෙන් වාසි සහ­ගත තත්ත්ව­යක් උදා වේ. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු ද සාමාන්‍ය වේ. විටෙක යම් යම් අව­හි­ර­තා­වන්ට ඉඩ නැත්තේ ද නොවේ. දරු­වන්ගේ කට­යුතු සම්බ­න්ධ­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි. අව­ධා­න­යෙන් සිටිය යුත්තේය. ඉගෙ­නීමේ කට­යු­තු­වල යෙදී සිටින අයට යහ­පත්ය. උද­රා­ශ්‍රිත රෝග, උගුර, බෙල්ල ආශ්‍රිත රෝග සම්බ­න්ධ­යෙන් සැල­කි­ලි­මත් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 01, දිනය- ඉරිදා

කන්‍යා

වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යුතු කල්ප­නා­වෙන්

ලග්නා­ධි­පති බුධ, සිකුරු දෙවැන්නේ ද, රවි, කුජ ලග්නයේ ද සිටී. රාහු 10 ද, ශනි, කේතු 4 ද, ගුරු 3 ද ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය සැල­කීමේ දී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය ඔබ බලා­පො­රාත්තු වන තර­මට සාර්ථක නොවේ. එම නිසා බුද්ධි­මත්ව ද විම­සි­ලි­මත්ව ද ක්‍රියා කළ යුතුයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් එත­රම්ම යහ­පත් නොවේ. එහෙත් සිය උත්සා­හය තුළ සාර්ථක බවක් ලබයි. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් දියු­ණු­වක් පෙන්වයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලැබිය හැකිය. උෂ්ණා­ධික රෝග, උද­රා­ශ්‍රිත පීඩ, ස්නායු, නහර දුර්ව­ල­තා­දි­යෙන් ප්‍රවේ­සම් විය යුතුයි. ආග­මික අංශ­යට නැඹු­රු­වක් පෙන්වයි.

ජය වර්ණය- කොළ, අංකය- 05, දිනය- බදාදා

තුලා

 මුදල් අතින් යහ­පත්

ලග්නා­ධි­පති සිකුරු බුධ ලග්නයේ ද, රවි, කුජ 12 ද, ශනි, කේතු 3 ද, රාහු 9 ද ගමන් ගනී. එම ග්‍රහ පිහි­ටීම් අනුව සැල­කී­මේදී තමාගේ සියලු කට­යු­තු­වල දී විටින් විට අව­හි­රතා බාධා ප්‍රමා­දතා ඉස්මතු කරයි. වෘත්තීය සහ රැකියා ක්ෂේත්‍රයේ දී වුවද ඔබ බලා­පො­රොත්තු වන තර­මට බාධා එල්ල නොවේ. එහෙත් සාර්ථක ප්‍රති­ඵ­ල­වල දී ප්‍රමා­දතා එයි. ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් යහ­පත්ය. විවිධ අංශ­ව­ලට යොමු වීමෙන් සාර්ථක වේ. ලාභ ප්‍රයෝ­ජන අත්පත් වේ. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය.

සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් අන්ද­මක දියු­ණු­වක් ලබනු ඇත. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට ශුභයි. අලූත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. වැටීම්, තැළීම්, අන­තුරු පීඩා­දි­යට ඉඩ පවතී.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සිකු­රාදා

වෘශ්චික

එදි­නෙදා කට­යු­තු­ව­ලට බාධා

ලග්නා­ධි­පති කුජ, රවි අය­ස්ථා­න­යේය. බුධ, සිකුරු 12 ද, කේතු, ශනි 2 ද, රාහු 8 ද ගුරු ලග්නයේ ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී තමාගේ කට­යු­තු­ව­ලට බාධා අව­හි­රතා ඉස්මතු වන නිසා ඉතා කල්ප­නා­කා­රීව ද, බුද්ධි­මත්ව ද තම කට­යු­තු­වල නියුක්ත වන්න. නොඑසේ නම් ආකූ­ලතා ඉස්මතු කළ හැකිය. ආර්ථික වශ­යෙන් අය­හ­පත් නැත. විවිධ අංශ­යන්ට යොමු වී ලාභ ප්‍රයෝ­ජන ලැබිය හැකිය. ගෙද­ර­දොර කට­යු­තු­වල දී ද යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­ව­ලදී ද ඉව­සී­මෙන් බුද්ධි­මත්ව ක්‍රියා කළ යුතුයි. දරු­වන්ගේ කට­යුතු උදෙසා කාල­යත්, ධන­යත්, ශ්‍රම­යත් වැය වේ. අධ්‍යා­පන අංශ­වල නියුක්ත වූ අයට අලුත් විෂ­ය­යන් කෙරෙහි අව­ධා­නය යොමු වේ. උත්සා­හය තුළ සාර්ථක වේ. උෂ්ණා­ධික, උද­රා­ශ්‍රිත රෝග, ලේ දූෂ්‍යා­බා­ධ­ව­ලින් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රතු, අංකය- 09, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

ධනු

සම­පල

ලග්නා­ධි­පති ගුරු 12 ද, බුධ, සිකුරු 11 ද, රවි, කුජ 10 දිත්බ­ල­යෙන් ද ශනි, කේතු ලග්නයේ ද රාහු ලග්නයේ ද ගමන් ගනී. එම ග්‍රහ ගෝච­රය සැල­කී­මේදී වෘත්තීය සහ රැකියා අංශ­වල දී විටින් විට බාධා අව­හි­රතා ගැට­ලු­කාරී තත්ත්ව­යන් මධ්‍යයේ තමාගේ කට­යුතු ඉෂ්ට සිද්ධ කර­ගත යුතුයි.

ආර්ථික සහ මූල්‍ය­මය වශ­යෙන් අය­හ­පත් නොවේ. ආදා­යම් ලැබීම අතින් යහ­පත් වුව ද විය­දම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී කල්ප­නා­කාරී වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ද තර­මක් ඉව­සී­මෙන් ක්‍රියා කරන්න.

දරු­වන්ගේ කට­යු­තු­වල දී අව­ධා­න­යෙන් සිටීම අව­ශ්‍යයි. ඉගෙ­නී­ම්වල යෙදී සිටින අයට සිය උත්සා­හය තුළ සාර්ථක ප්‍රති­ඵල උදා කර­ගනී. උෂ්ණා­ධික රෝග, වැටීම්, තුවාල අන­තුරු පීඩා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

මකර

 

දරු­වන්ගේ කට­යු­තු­වල සාර්ථක ප්‍රති­ඵ­ල­යක්

ලග්නා­ධි­පති ශනි, කේතු 11 ද, රාහු 6 ද, ගුරු අය­ස්ථා­නයේ ද රවි, කුජ 9 ද බුධ, සිකුරු 10 ද ගෝච­රය වේ. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කී­මේදී වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී අන්‍ය­යන්ගේ සහ­යෝ­ගය උප­කා­රය ලැබී­මෙන් තමාගේ කට­යුතු සාර්ථක කර­ගත හැකිය. ආදා­යම් ලැබීම අතින් ශුභයි. විවිධ ක්ෂේත්‍ර­යන්ට යොමු වීමෙන් ආදා­යම් ලබයි. ගෙද­ර­දොර කට­යුතු යහ­පත්ය. සම­ඟිය සාමය සුර­ක්ෂිත වේ. දරු­වන්ගේ කට­යු­තු­වල කිසි­යම් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබයි. අධ්‍යා­පන අංශ­වල යෙදී සිටින අයට සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලබනු ඇත. ආග­මික අංශ­යට වැඩි නැඹු­රු­වක් පෙන්වයි. රුධිර පීඩ­නය, බඩ­වැල් ආශ්‍රිත රෝගා­දි­යෙන් ද ප්‍රවේ­සම් විය යුතුයි.

ජය වර්ණය- නිල්, අංකය- 08, දිනය- සෙන­සු­රාදා

කුම්භ

සම­පල

ලග්නා­ධි­පති ශනි, කේතු අය­ස්ථා­නයේ ද, ගුරු 10, බුධ, සිකුරු 9 ද, රාහු 5 ගමන් කරයි. එම ග්‍රහ ගෝච­රය ගැන සැල­කීමේ දී තමාගේ වැඩ­ක­ට­යුතු සාර්ථක අන්ද­මට කර­ගත හැකිය. විටෙක බාධා අව­හි­රතා පෙන්වයි.

ආදා­යම් ලැබුණ ද විය­දම් පක්ෂය ඉහළ යයි. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී තර­මක් කල්ප­නා­කාරී වන්න. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී වැඩ­ක­ට­යුතු අධික වීමෙන් ශරී­ර­යට විඩා­වක් වෙහෙ­සක් හට­ගත හැකිය. දරු­වන්ගේ කට­යු­තු­වල දී වඩාත් ප්‍රවේ­සම් වන්න. අධ්‍යා­පන කට­යු­තු­වල දී වඩාත් උන­න්දු­වෙන් ද කැප­වී­මෙන් ද සිදු කළ යුතුයි. උෂ්ණා­ධික රෝග, ලේ දූෂ්‍යා­බාධ, වාතා­බාධ යනා­දි­යෙන් ද මූත්‍රා දෝෂා­දි­යෙන් ද ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- නිල්, අංකය- 06, දිනය- සෙන­සු­රාදා

මීන

කෝප­කාරී ගති ඉස්මතු වේ

ලග්නා­ධි­පති ගුරු භාග්‍ය­ස්ථා­න­යේය. ශනි, කේතු 10 ද, රාහු 4 ද සිටී. රවි, කුජ හත්වැ­න්නේය. බුධ, සිකුරු අටේ ගෝච­රය වේ. එම ග්‍රහ චලි­තය ගැන සැල­කීමේ දී විටෙක තද ලෙස කේන්ති යයි. කෝප­කාරී ගති ඉස්මතු වේ. වෘත්තීය සහ රැකී­රක්ෂා කට­යු­තු­වල දී ප්‍රධා­නීන් සමග කට­යුතු කිරී­මේදී සැල­කි­ලි­මත් විය යුතුයි. නොඑසේ නම් ආකූ­ලතා ව්‍යාකූ­ලතා මතු කළ හැකිය. මිල මුදල් සම්බන්ධ කට­යු­තු­වල දී වඩාත් කල්ප­නා­කාරී විය යුතුයි. නොඑසේ නම් ණය තුරු­ස්වීමේ ඉඩක් පවතී. ගෙද­ර­දොර කට­යුතු මෙන්ම යුග­දි­විය සම්බන්ධ කට­යු­තු­වල දී ඉව­සී­මෙන් ද බුද්දි­මත්ව ද ක්‍රියා නොක­ළොත් සම­ඟිය සාම­යට බාධා එල්ල වේ. අධ්‍යා­පන ක්ෂේත්‍ර­වල යෙදී සිටින අයට සිය උත්සා­හය සහ කැප­වී­මෙන් සාර්ථක ප්‍රති­ඵල ලැබිය හැකිය. පපුව, පෙණ­හැල්ල ආශ්‍රිත රෝග, උද­ර­ගත පීඩා, කකු­ල්වල ආබාධ යනා­දි­යෙන් ප්‍රවේ­සම් වන්න.

ජය වර්ණය- රන්වන්, අංකය- 03, දිනය- බ්‍රහ­ස්ප­තින්දා

Comments