2019 සන්කු­වික් බීච් වොලි­බෝල් තර­ගා­ව­ලිය මීග­මුවේදී | සිළුමිණ

2019 සන්කු­වික් බීච් වොලි­බෝල් තර­ගා­ව­ලිය මීග­මුවේදී

සන්කු­වික්, ශ්‍රී ලංකා වොලි­බෝල් සම්මේ­ල­නය සමඟ එක්ව වාර්ෂි­කව සංවි­ධා­නය කරන ‘සන්කු­වික් ජාතික බීච් වොලි­බෝල් තර­ගා­ව­ලිය’ 2019 වස­ර­ටත් සංවි­ධා­නය කෙරෙන බව නිවේ­ද­නය කෙරිණ. පසු­ගිය වසරේ සිට සන්කු­වික් මෙම තර­ගා­ව­ලිය සඳහා අනු­ග්‍රා­හ­ක­ත්වය එක් කරන අතර ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වන වොලි­බෝල් නංවා­ලීමේ අර­මු­ණෙන් සන්කු­වික් 2012 වසරේ සිට වෙළෙඳ සේවා වොලි­බෝල් ශූර­තා­ව­ලි­යට ද අනු­ග්‍රා­හ­ක­ත්වය එකතු කර ඇත.

මෙවර සන්කු­වික් ජාතික බීච් වොලි­බෝල් ශූර­තා­ව­ලිය 2019 දෙසැ­ම්බර් 20, 21 සහ 22 යන දින­ව­ලදී මීග­මුව වෙරළ උද්‍යා­න­යේදී පැවැත්වේ. එහිදී විවෘත, වයස අවු­රුදු 20 න් සහ 25 පහළ යන වයස් කාණ්ඩ­ය­න්ගෙන් කාන්තා හා පිරිමි තරග පැවැත්වේ. තර­ගා­ව­ලියේ ජය­ග්‍රා­හ­ක­යන්ට ආක­ර්ෂ­ණීය මුදල් තෑගි රැසක් පිරි­නැ­මී­මට සන්කු­වික් ආය­ත­නය විසින් කට­යුතු යොදා ඇත. මේ සඳහා මෙරට සිය­ලුම වොලි­බෝල් කණ්ඩා­යම් වෙත සන්කු­වික් ආරා­ධනා කර සිටී.

Comments