ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මඩ­ක­ල­පුව ශාඛාව නව නිව­හ­නක | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මඩ­ක­ල­පුව ශාඛාව නව නිව­හ­නක

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මඩ­ක­ල­පුව ශාඛාව නව නිව­හ­න­කදී පසු­ගි­යදා විවෘත කරන ලදී. මෙසේ විවෘත කරන ලද මඩ­ක­ල­පුව ශාඛාව පළමු මහල අංක 64/1, බාර් පාර, මඩ­ක­ල­පුව යන ස්ථානයේ පිහිටා තිබෙන අතර මඩ­ක­ල­පුව අවට ප්‍රදේ­ශ­වල පාරි­භෝ­ගි­ක­යින්ට සියලු රක්ෂණ අව­ශ්‍යතා එකම වහ­ලක් යටදී සම්පූර්ණ කර­ගැ­නීමේ හැකි­යාව සලසා දි තිබේ.

ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් ප්‍රධාන නිල­ධාරි ව්‍යාපාර සංව­ර්ධන - රුක්මන් වීර­රත්න මහතා, සහ ආය­ත­නයේ ඉහළ කළ­ම­නා­කා­රී­ත්වය, සේවක මණ්ඩ­ලය හා පාරි­භෝ­ගික මහත්ම මහ­ත්මිීන් රැසක්ද මෙම අව­ස්ථා­වට සහ­භාගී වූහ.

1962 තම ව්‍යාපාර කට­යුතු ආරම්භ කළ ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් ආය­ත­නය මෙරට විශා­ල­තම රාජ්‍ය රක්ෂණ ආය­ත­න­යයි. මේ වන විට රුපි­යල් බිලි­යන 197කට අධික වත්කම් සම්භා­ර­ය­කින් සහ රුපි­යල් බිලි­යන 105කට අධික ජීවිත රක්ෂණ අර­මු­ද­ලක් හිමි ශ්‍රී ලංකා ඉන්ෂු­ව­රන්ස් මෙරට ස්ථාව­රම රක්ෂණ ආය­ත­න­යයි.

Comments