මාන්කුලම් අස්ථි කොටස් වසර 20කට වඩා පැරණියි | සිළුමිණ

මාන්කුලම් අස්ථි කොටස් වසර 20කට වඩා පැරණියි

මාන්කුලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කරන අවස්ථාවේ දී අස්ථි කොටස් කීපයක් හමුවී තිබේ.

එහි සිටි සේවකයින් ඒ බව පසුගිය 2020.02.07 වන දින මාන්කුලම් රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරීවරයෙක් විසින් මාන්කුලම් පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

අනතුරුව මාන්කුලම් පොලීසිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත එදින කරුණු වාර්තා කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව 2020.02.12 වන දින මහේස්ත්‍රාත්වරයා විසින් එම ස්ථානයේ ස්ථාන පරීක්‍ෂණයක් සිදු කර තිබේ.

මහේස්ත්‍රාත් නියෝගය අනුව ඊයේ(13) උදෑසන 10.00ට පමණ කිලිනොච්චිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් එම ස්ථානයේ කැනිම් සිදු කර ඇති අතර, හමුවු අස්ථි කොටස් වසර 20 කට වඩා පැරණි බව නිගමනය කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන 26 වන දින නැවත අධිකරණයේ කැඳවීමට නියමිතය.

මාන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

 

Comments