ඇඳිරි නීතිය කඩකළ 29,694 අත්අඩංගුවට | සිළුමිණ

ඇඳිරි නීතිය කඩකළ 29,694 අත්අඩංගුවට

දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අතරතුර එය කඩ කළ පුද්ගලයන් 29,694 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 7,646 ක්.

 පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ දහවල් දොලහේ සිට සවස හය දක්වා පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 331 දෙනෙකු සහ වාහන 72 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එමෙන්ම, ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කොළඹ මහ නගර සභාව මගින් පාලනය වන මාර්ගයන්හි වාහන නැවතුම් ගාස්තු අය කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලය පවරා නොමැති බව කොළඹ මහ නගර සභාව දැනුම් දෙනවා.

මේ අතර, මේ වනවිට කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් 238 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 68 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ දිනයේදී කිසිදු රෝගියෙකු වාර්තා නොවූ අතර, දැනට කොරෝනා පරීක්ෂණ 8,000 ක් පමණ සිදුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

 

Comments