ආසාදිතයින් 12කට සුවයි | සිළුමිණ

ආසාදිතයින් 12කට සුවයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 12 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පනාගොඩ යුද හමුදා රෝහල, කාත්තන්කුඩි, මුල්ලේරියාව සහ මිනුවන්ගොඩ යන මූලික රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2576 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් ආසාදිතයින් 252 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Comments