නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවෙයි | සිළුමිණ

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවෙයි

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බවත් ඒ අනුව ඉදිරි කාලයේ නායයෑම් අනතුරු ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ඒ අනුව නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ , පස් කණ්ඩි වැටිමේ හා පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබඳ ජනතාවට විමසිලිමත් වන්නැයි සඳහන්.

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහ කලේ දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් ඇරඹි 'අම්පන්' සුළි කුණාටුව හේතුවෙන් මේවනවිට ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ පුද්ගලයින් 84 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

අම්පන් සුළිකුණාටුවේ බලපෑම මේවන විට දිවයිනෙන් බැහැරට ගමන් කළත්, අද දිනයේත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි අතර ඌව පළාතේද ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Comments