ආසාදිතයින් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට - Update | සිළුමිණ

ආසාදිතයින් සංඛ්‍යාව 1469 දක්වා ඉහළට - Update

මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ(27) දිනයේ වාර්තා වී තිබේ.

ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 150 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1469 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 97 දෙනෙකු විදේශයන්හි සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මීට අමතරව ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 53 දෙනෙකු ද වෙයි.

මෙරටින් මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් 1469 දෙනෙකුගෙන් ආසාදිතයින් 732 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

කෙසේවෙතත් ආසාදිතයින් 727 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

රාත්‍රී - 09.34 - Update

තවත් කොරෝනා ආසාදිතයින් 28⁣ දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1453 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව අද දිනයේ මේ දක්වා හඳුනා ගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 134කි.

ඉන් 81 දෙනෙකු විදෙස් රටවල සිට මෙරටට පැමිණි ලාංකිකයින් අතරින් හඳුනා ගෙන ඇති අතර ඉතිරි 53 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිස් අතරින් හඳුනා ගත් නාවික සෙබළුන් ය.

ආසාදිතයින් සංඛ්‍යාව 1372 දක්වා ඉහළට - Update

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද(27) වනවිට 1372 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

යාපනයේ වඩිච්චිමලෙයි නාවික කඳවුරෙහි සිටි සෙබළුන් 51දෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් තිබේ.

විදේශයන්හි සිට පැමිණි කිසිවකු අද දිනයේදී ආසාදිතයන් බව හඳුනාගෙන නොමැත.

මේ වනවිට ආසාදිතයෝ 628 ක් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවෙති.

723දෙනෙකු සුවය ලබා පිටව ගොසිනි.

කොරෝනා ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 10කි.

Comments