STF ප්‍රධානී ධූරය නි.පො. වරුණ ජයසුන්දරට | සිළුමිණ

STF ප්‍රධානී ධූරය නි.පො. වරුණ ජයසුන්දරට

පොලිස් විශේෂ කාර්ය බළකායේ නව ප්‍රධානියා ලෙස නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර නම් කර තිබේ.

වරුණ ජයසුන්දර දැනට සේවයේ නිරතව සිටින්නේ බස්නාහිර උතුර දිසාව භාර පොලිස් ප්‍රධානියා ලෙස ය.

මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමේ ජනාධිපති කාර්ය සාධක බළකායේ ද සාමාජිකයෙක් වන වරුණ ජයසුන්දර විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ලෙස පත්කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමට ඉදිරිපත් කරන ලද යෝජනාවට එහි සාමාජිකයන්ගේ ද අනුමැතිය ලැබී තිබේ.

මේ වනවිට මැතිවරණ කාලපරිච්ඡේදයක් පවතින බැවින් එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් වූ යෝජනාව මේ වනවිට අනුමැතියට යොමු කර ඇත

Comments