ඔබගේ රාත්‍රිය ආලෝකවත් කරන්නා V19 උපාංගය ළඟදීම වෙළෙඳපොලට | සිළුමිණ

ඔබගේ රාත්‍රිය ආලෝකවත් කරන්නා V19 උපාංගය ළඟදීම වෙළෙඳපොලට

 vivo, ක්ෂේත්‍රයේ හොඳම විශේෂාංග ඇතුළත් සෙල්ෆි කැමරාව සහිත නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන V19 උපාංගය වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානම් වෙයි.

කුමන ආලෝක තත්ත්වයක් පැවතියද, මෙහි සෑම කැමරා දසුනකින්ම හොඳම සේල්ෆි කැමරා විශිෂ්ටත්වය විදහා දක්වමින් V19 යළිත් වරක් සුවිශේෂී සන්ධිස්ථානයක් සටහන් කිරීමට නියමිතය. ඒ සඳහා 32+8MP ඉදිරිපස ද්විත්ව කැමරාවද, 48MP පිටුපස ප්‍රධාන කැමරාවද ඇතුළත් AI Quad කැමරා වෙනස් ආලෝක තත්ත්වයන් ග්‍රහණය කර ගැනීම සඳහා විශේෂයෙන් ක්‍රියාකාරී වන අතර, ඒ හේතුවෙන් පරිශීලකයින්ට ඉතා දුර්වල ආලෝකයන් යටතේ වුව ද, ඡායාරූපාගාරයක බඳු සෙල්ෆි ඡායාරූපයන්හි අත්දැකීම විඳ ගත හැකිය. එබැවින් මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතන මාදිලිය පරිශීලකයින් අතට පත් වන්නේ ද, ‘ඔබගේ රාත්‍රිය ආලෝකවත් කරන්න ̓ යන තේමාවෙන් යුතුවය.

රට තුළ පැවති කොව්ඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන්, මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳ පොළට නිකුත් වීම ප්‍රමාද වූ අතර, සමාගම පෙර සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ඉහළ වෙළෙඳ පොළ ප්‍රවණතාවක් අපේක්ෂා කරන බවයි.

Comments