මීගමුව රෝහලට ඩයලොග් වෙතින් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් | සිළුමිණ

මීගමුව රෝහලට ඩයලොග් වෙතින් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක්

පූර්ණ ක්‍රියාකාරී ICU සංකීර්ණය විවෘත කරමින්. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස් එච් මුණසිංහ, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිරච්චි, පෞද්ගලික ලේකම් කාංචන ජයරත්න, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ, ආසිආටා සමූහ බර්හාඩ් හි ප්‍රධාන විධායක - විදුලි සංදේශ ව්‍යාපාර සහ ආයතනික විධායක උප සභාපති, ආචාර්ය හාන්ස් විජයසූරිය පින්තූරයේ වෙති

 ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම මාසයකටත් වඩා අඩු කාලයක් තුළදී ප්‍රතිසංස්කරණ කටයුතු නිම කොට අවශ්‍ය සියලු උපකරණ සපයමින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට සමත් විය.කඩිනමින් දැඩි සත්කාර ඒකක අවශ්‍ය රෝහල් සංවර්ධනය සඳහා Dialog සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට රු. ලක්ෂ 2,000 ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙ‌ලෙහි සමාරම්භය ලෙසින් මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කරන ලදී.

ඩයලොග් ආසිආටා හි මූල්‍ය දායකත්වයෙන් සිදුවන දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයකින් (MICU) සහ ශල්‍ය දැඩි සත්කාර ඒකකයකින් (SICU) සමන්විත අංගසම්පූර්ණ දැඩි සත්කාර සංකීර්ණයක් ස්ථාපනය කෙරුණු අතර, එම වාට්ටු සංකීර්ණය ඇඳන් 10 කින් සමන්විත නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර උපකරණ වලින් පරිපූර්ණ කිරීමට ද පියවර ගන්නා ලදී. මීට අමතරව, ඩයලොග් ආසිආටා හි සෞඛ්‍ය සේවා නංවාලීම සඳහා වූ මූල්‍ය දායකත්වයෙහි දෙවන අදියර ලෙස හෝම‍ාගම මූලික රෝහලේ පූර්ණ යාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීමට නියමිතය.

Comments