හංවැල්ලේ වෙඩි තැබීමක් | සිළුමිණ

හංවැල්ලේ වෙඩි තැබීමක්

හංවැල්ල, එලමලවල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ රාත්‍රී 6 ත් 7 ත් අතර කාලය තුළදී ත්‍රිරෝද රථ රියදුරෙකුට, යතුර පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබිණ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයා මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Comments