සතියේ කල දවස | සිළුමිණ

සතියේ කල දවස

මේෂ ලග්නය - යුග දිවි අවුල්

මේෂ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 07, 08, 09, 10 යන ස්ථානවල ගමන් කරමින් සතිය ආරම්භය සුබ වුවද සතිය මැද කිසියම් යුග දිවි ආරවුලකට හේතු වන නිසා කල්පනාකාරී වන්න.

කෙසේ හෝ සතිය අවසානයේ ආර්ථික වාසි ඉඩම් ලාභ හා අන් අයගේ ඇප උපකාර ලැබෙනු ඇත. ඔබට සතිය මුල පටන්ම කිසියම් කාර්ය බහුලතාවක් නිසා ශාරීරික පීඩා දැනේ. තුනටියට විය හැකි ආපදා සහගත තත්ත්වයක් ද උද්ගත විය හැකිය.

වෘෂභ ලග්නය - පිටස්තර අය නිසා උවදුරු

මෙම සතිය ඔබට සුභ යැයි කිව නොහැකි කරුණු කිහිපයකට මුහුණ දීමට සිදුවනු ඇත. ඒ අනුව මෙම සතියේ ඔබේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 06,07,08,09 යන ස්ථාන ස්පර්ශ කරන නිසාය.

විදේශයක සිට පැමිණි අයකු නිසා චෝදනා රැසකට මුහුණ දීමට ද සිදුවෙන පිටස්තර අය පිළිබඳ දක්වන වැඩි සැලකිල්ල නිසා තමාගේ ළඟ සිටින අය දුරස්වන බවත් දක්නට ලැබීමට පුළුවන. කෙසේ හෝ ජීවිතය සමබර අයුරින් කරගෙන යෑමෙන් ඔබගේ ප්‍රශ්න අවම කර ගත හැකිය.

මිථුන ලග්නය - දරු සම්පත් උරුම වේ

මිථුන ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රය අනුව මෙම සතියේ චන්ද්‍රයා 05, 06, 07, 08 යන ස්ථානවල ගමන් කිරීම නිසා අන් දිනවලට වඩා යහපත් ප්‍රතිඵල ගෙනදෙන සතියක් වනු ඇත. විශේෂයෙන් පසුගිය කාලයේ ඔබට තිබූ අසනීප තත්ත්වයන් ක්‍රම ක්‍රමයෙන් පහව යන අතර දරු සම්පත් අපේක්ෂා කරන අයට දරු සම්පත් ද විවාහාදි කටයුතු අපේක්ෂා කරන අයට විවාහයට කරුණු සැලසෙන බවද කිව හැකිය.

කටක ලග්නය - ආර්ථික වාසි හා රැකියා ලාභ

ලග්නාධිපති 04 වැන්නෙන් ගමන අරඹන මෙම සතිය කටක ලග්න හිමි ඔබට සුවිශේෂී වාසනාවන්ත අවස්ථා රැසක් උදා වේ.

චන්ද්‍රයා 04,05,06,07 යන ස්ථානවල ගමන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට මුලින්ම හදිසි ධන ලාභයකින් ආරම්භ වන මෙම සතිය තුළ අතපසු වූ කටයුතු කීපයකට අත ගැසීම හා සිරවී තිබූ ආර්ථික අපහසුතා රැසකින් අත් මිදීමට හැකි වෙයි.

රැකියා ගතව පැවති ගැටලු කීපයකින්ද මිදීමට ඔබට හැකිවෙයි. පපුවේ හතිය සෙම පැවතීම නිසා අපහසුතා දැනෙනු ඇත.

සිංහ ලග්නය - සිතේ සතුට රජයන සතියකි

සිංහ ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 03, 04,05, 06 යන ස්ථානවල ගමන් කිරීම නිසා යහපත් වන අතර තර්කානුකූලව තමාට එන ගැටලු කීපයක් අවසන් කර ගැනීමට හැකි වෙයි.

විශේෂයෙන් පැවති නඩු හබයක් හා ඊටම සමාන නීති ගැටලුවකින් නිදහස් වීමටද ඔබට අභියෝගයක්ව පැවති ගැටලු රැසකින් මිදීමට ද ඔබට හැකිවෙයි.

ඔබ දිනපතා කරගෙන ආ ආගම් කටයුත්තක ප්‍රතිඵල දැනෙන්නට පටන් ගනී. ඒ නිසාම සිතේ සතුට රජයන සතියකි.

කන්‍යා ලග්නය - ඥාති සබඳතා සවිමත් වේ.

කන්‍යා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව 02, 03,04,05 යන ස්ථානවල ගමන් කිරීම සතුටුදායක ආරංචි රැසක් නිසා සිතට සැනසුම එන සතියකි.

ඔබ නොසිතූ පිරිසක් ඔබගේ දියුණුව වෙනුවෙන් ඔබ වෙත සහයෝගය දෙනු ඇත.

ඥාති සබඳතා සවිමත් වේ. සිතේ අධිෂ්ඨානයෙන් සාර්ථක ආයෝජනයකට වුවද සුබ කාල වකවානුවකි. වාහන ලාභ නව නිවාස ලාභ ගෙනදෙන සතියක්ද වෙයි. උනන්දු වන්න.

තම කටයුතු ආරම්භයේදී වෙනදාට වඩා ඔබ දිරිමත් කෙරෙන වාසි රැසක් ඔබ සතු වෙයි.

තුලා ලග්නය - භෞතික සම්පත්වල උරුමයක්

තුලා ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රය අනුව චන්ද්‍රයා 01, 02, 03, 04 යන ස්ථාන පසුකර යෑමත් චන්ද්‍රයා ලග්න ගත වීමත් රැකියාවේ තිබූ ගැටලු රැසක් නිරාකරණය වේ.

තවද තුලා ලග්නයට අනුව එය සිකුරුගේ හා චන්ද්‍රයාගේ බල පැවැත්ම නිසාත් කලාකාමී සෞන්දර්යවාද අදහස් උදහස් මුඳුන්පත්වන ඒවායින් උසස් වින්දනයක් ලබන තත්ත්වයක් ද පෙනෙන්නට තිබේ.

තවද මුදල්මය වාසි හා භෞතික සම්පත් ලාභ ද හිමි වනු ඇත.

වෘශ්චික ලග්නය - සතිය අවසානයේ දේපළ හිමිකම්

වෘශ්චික ලග්නය හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 12, 01, 02, 03 යන ස්ථානවල ගමන් කිරීම නිසා සතිය ආරම්භය අසුබ පලද සතිය අවසානය සුබ පලද උදා කිරීමට නියමිතය.

විශේෂයෙන් සතිය මුල පාදයේ වළලුකර හා ආපදා ගෙන දෙන අතර ආහාර වලින් ඇතිවන පීඩාකාරී තත්ත්වය නිසා අපහසුතාද විඳීමට සිදු වේ. සතිය අවසානයේ දේපළ හිමිකම් ආර්ථික හිමිකම් අත්වන බව පෙනේ.

ධනු ලග්නය - හදිසි ආර්ථික ප්‍රතිලාභ

ධනු ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව ප්‍රබල ආර්ථික ප්‍රතිලාභයකින් ආරම්භ වන මෙම සතිය පුරාවටම සතුට ඉහළ නංවා ගැනීමට හැකි වේ.

තමා විසින් අන් අයකුට දී තිබූ මුදලක් නැවත ලැබීම එය ඔබ බලාපොරොත්තුව සිටි ව්‍යාපාර කටයුත්තකට ආයෝජනය කිරීමටද හැකියාව උදා වෙයි.

තම මවු පාර්ශ්වයේ අයකු වෙතින් මෙම ප්‍රතිලාභ උදා වන අතර මඟ නවතා දමා තිබූ ව්‍යාපාරයක් නැවත පණ ගන්වා ගැනීමට හෝ අලුත්ම කටයුත්තකට අත ගැසීමට ඔබට හැකි වෙයි.

මකර ලග්නය - බොහෝ අයගෙන් ප්‍රසාදය

මකර ලග්න හිමි ඔබගේ කේන්ද්‍රය අනුව චන්ද්‍රයා මෙම සතියේ 10, 11, 12, 01 කියන්න ඒ ස්ථානවල ගමන් කිරීම ද සිරවී තිබූ ඔබගේ අදහස් ක්‍රියාවට නැංවීමට හැකි වන සතියකි.

අනුන් වෙනුවෙන් කැප වීමට තිබෙන ඉඩකඩ වැඩි නිසා කාර්යබහුල සතියක් වුවද ඉන් ලැබෙන ප්‍රතිලාභ සතුටුදායක වනු ඇත.

රැකියා ස්ථානගතව තිබූ ගැටලු විසඳේ. ඔබගේ පදවි තානාන්තර උසස් වේ. ඒ අතරතුර පැන නගින සතුරු උවදුරක් නිසා සතිය අවසානයේ සිතට කනස්සල්ලක් ද එක් වේ.

කුම්භ ලග්නය - මැණික් ලාභ

කුම්භ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 09, 10, 11, 12 කියන්න ස්ථානවල ගමන් කිරීමත් ව්‍යාපාරිකයකු නම් ව්‍යාපාරයට නව අංගෝපාංග එකතු කරගත හැකි තත්ත්වයක් ද උදා වේ.

පෙර පින් මහිමය මත එසේ සිදුවන අතර තමන්ට කලක් පැවති නීති ගැටලුවකින් මිදීමටද අවස්ථාව උදා වනු ඇත.

තමන්ට හිමිවන්නට තිබී අන්සතු වූ වස්තුවක් වෙත්නම් ඒවා යළි තමන්ට ලැබෙනු ඇත. මහ පොළොවෙන් ලැබෙන වස්තුවක් මැණික් ආදී උරුමකම් ද අත්පත් වන සතියක් බව කිව හැකි ය.

මීන ලග්නය - හදිසි ධන හානි

මීන ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයට අනුව සතිය ආරම්භ වන්නේ අට වැන්න වන තුලා ලග්නයෙන් වන නිසා සතිය ආරම්භය හදිසි ධන හානියක්. තුනටිය ආශ්‍රිත ආපදාවක් සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත. තම ඥාති පාර්ශ්වවලින් එළඹෙන ප්‍රතිවිරෝධී අදහස් නිසා සිත නොසන්සුන් කරන සතියකි.

විශේෂයෙන් තම සහකරු හෝ සහකාරිය වෙතින් විවිධ සිත් තැවුලට හේතු වන සිදුවීම් සිදු වේ.

එහෙත් සමානාත්මතාව අවබෝධය මත මෙම ගැටලු අවම කර ගත හැකි වන අතර සතිය අවසානයේ චන්ද්‍රයාගේ යහපත් හැසිරීම මත රැකියාගත යහපත්කම් ද හිමිවන ලකුණු පවතී.

Comments