හම්බන්තොටට එන අලුත් වසන්තය ගැනය | Page 2 | සිළුමිණ

හම්බන්තොටට එන අලුත් වසන්තය ගැනය

වසන්තය එන්නේ වසරකට එක වරක් පමණි. එහෙත් හම්බන්තොටට වසන්තය එන්නේ දෙවැනි වරට ය. ඒ හම්බන්තොට දිස්ත්‍රික් පාපන්දු තරගාවලිය සමඟිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට සති කීපයකට පෙර ගෙනාවේ ක්‍රිකට් වසන්තය කි. ඒ අන්තර්ජාතික ලීග් පන්දුවාර විස්ස උද්වේගකර ක්‍රිකට් වසන්තයයි. ඒ වසන්තයේ තෙමෙන්නට ක්‍රීඩා ලෝලීන්ට නම් හැකිවුණේම නැත. එහෙත් හම්බන්තොටට උදා වූ එම ක්‍රිකට් වසන්තය සමස්ත ශ්‍රී ලංකාවටම නොව ලෝකයටම අපේක්ෂා බෙදමින් ගලා ගියේ ය.

ඒ සාර්ථකත්වය සමඟින් ප්‍රබෝධමත් වූ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා පදනම එම දිසාවට පමණක් වෙන් වූ පාපන්දු තරගාවලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එ් හම්බන්තොට දිස්ත්‍රික් පාපන්දු තරගාවලිය ලෙසය. තරගාවලියට සහභාගි වන්නේද එම දිසාවේම නිර්මාණය කරගත් පාපන්දු කණ්ඩායම් පහකි.

මෙම තරගාවලිය නිකම්ම නිකම් තරගාවලියක් ද නොවේ. ඒ එක් එක් ක්‍රීඩා සමාජය වෙනුවෙන් අනුග්‍රාහකයන් සොයා දීමට සංවිධායකයන් සැලසුම් කර ඇති හෙයිනි. ඒ අනුව දිස්ත්‍රික්කය තුළින් එක් එක් කොට්ඨාස මට්ටමින් නිර්මාණය කළ කණ්ඩායම්හි ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු ඇතුළු මූලික වියපැහැදම් වෙනුවෙන් නිත්‍ය අනුග්‍රාහකයෙකු සපයන බව සංවිධාකයෝ පවසති. එය ප්‍රශස්තය, ඇගයිය යුතුම ය.

තරගාවලියක් පවත්වා අත පිසදමා ගැනීමේ ක්‍රමවේදය වෙනුවට මෙහිදී එක් එක් තරගයේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් 25 ක් තෝරා දිස්ත්‍රික් සංචිතයක් පිහිටුවීමට හා එය අඛණ්ඩව පවත්වාගෙන යාමට ද තරග සංවිධායකයන් කටයුතු යොදා ඇත. ඉන් ඔවුන් අපේක්ෂා කරන්නේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයන් සමූහයක් හම්බන්තොට දිසාව තුළ ගොඩනගා ගැනීමය.

‘දක්ෂයන් සොයා ගන්නවා වගේම ඒ දක්ෂයන්ගේ ප්‍රගතියක් දක්නට නැති වුණොත් ඔවුන් වෙනුවට අලුතින් දක්ෂතා දක්වන ක්‍රීඩකයන්ට ඇතුළු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දක්ෂතා තවදුරටත් වැඩිදියුණු කරගන්න එක දිස්ත්‍රික් සංචිතයට තේරෙන ක්‍රීඩකයන් සිදුකළ යුතුම දෙයක්.’ යැයි හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංගමයේ ප්‍රකාශකයෙක් ‘ක්‍රීඩා’ වෙත පැවසී ය.

ඒ අනුව මෙසේ තෝරාගන්නා සංචිතයට අයත් ක්‍රීඩකයන් ජාතික තලයේ පාපන්දු පුහුණුකරුවකු යටතට පත්කර ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට නියමිත ය. මාස තුනකට වරක් දක්ෂතා ඇගයීමේ තරග පැවැත්වීම හා ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාවය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට ද නියමිත ය.

මෙම තරගාවලිය වෙනුවෙන් නම් කළ පාපන්දු කණ්ඩායම් පහේ ක්‍රීඩකය පදිංචිය තහවුරු කිරීමද තරගාවලියට එක්වීම සඳහා අත්‍යාවශ්‍ය බව සංවිධායකයෝ පවසති. ‘ඔවුන්ගේ පදිංචිය සනාථ විය යුතුයි. එහෙම නැතිව වෙන දිස්ත්‍රික්කයක හෝ පළාතක ක්‍රීඩකයකුට මේ වෙනුවෙන් ක්‍රීඩා කරන්න බෑ. එමගින් අපි උත්සාහ කරන්නේ හම්බන්තොට ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම වගේම ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීම යි,’ යැයි ඔවුන් පවසන්නේ එහෙයින්ය.

ඒ අනුව, තංගල්ල, තිස්සමහාරාමය, අම්බලන්තොට, බෙලිඅත්ත හා හම්බන්තොට නියෝජනය කරමින් කණ්ඩායම් පහක් තරග වැදීමට නියමිත ය. ඒ පිළිවෙලින් La Tangolians, Tissamaharama Football club, Ambalanthota Football Club, Beliatta Sports Club, Hambantota Football Club යනුවෙනි.

තරගාවලියේ සියලු තරග පැවැත්වෙන්නේ හම්බන්තොට දිසාවේ ක්‍රීඩාංගණ තුනක් කේන්ද්‍ර කරගනිමිනි. එනම් තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය, හම්බන්තොට නගර සභා ක්‍රීඩාංගණය හා බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ ත්‍රිත්වය කේන්ද්‍ර කරගනිමිනි.

මෙහි ජයග්‍රාහකයන්ට ලැබෙන ත්‍යාග මුදල නම් වර්තමානයට සාපේක්ෂව තවදුරටත් වැඩිදියුණු කළ යුතුව ඇත. ඒ මන්දයත් ජයග්‍රාහක කණ්ඩායමට හිමිවන්නේ රුපියල් තිස් දහසක් පමණකැයි තීරණය වී තිබීම නිසාය. අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් විසි දහසකි.

ඊට අමතරව දක්ෂතම දැල් රකින්නා, දක්ෂතම ක්‍රීඩකයා, වැඩිම ගෝල් ලබන්නා, අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා, අවසන් තරගයේ හොඳම දැල් රකින්නා යන ක්‍රීඩකයන්ට රුපියල් පන්දහස බැගින් ප්‍රදානය කිරීමට ද නියමිත ය. එම ත්‍යාග මුදල් නම් ඉදිරියේදී වර්ධනය විය යුතු තත්ත්වයකැයි කිව යුතුය.

තරග කාලසටහන

 

01/16 Hambantota Football Club - Beliatta Sports Club (2.30 PM)

La Tangolians - Tissamaharama Football club (4.30 PM) - Tangalla Mahinda Rajapaksa Ground

01/23 La Tangolians - Beliatta Sports Club (2.30 PM)

Hambantota Football club - Ambalanthota Football Club (4.30 PM) – Beliatta D.A.Rajapaksa Ground

01/30 Tissamaharama Football club- Hambantota Football club (2.30 PM)

Beliatta Sports Club - Ambalanthota Football Club (4.30 PM) – Hambathota Nagara saba Ground

02/06 La Tangolians- Ambalanthota Football Club (2.30 PM)

Tissamaharama Football Club- Beliatta Sports Club(4.30 PM)- Beliatta D.A.Rajapaksa Ground

02/13 Tissamaharama Football Club- Ambalanthota Football Club (2.30 PM)

La Tangolians- Hambantota Football Club (4.30 PM) Tangalla Mahinda Rajapaksa Ground

02/20 Final – Tangalla Mahinda Rajapaksa Ground

 

Comments