එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ දැන් දෙහිවලත් | සිළුමිණ

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥයෝ දැන් දෙහිවලත්

එරික් රාජ­පක්ෂ දෘෂ්ටි විශේ­ෂඥ ආය­ත­නයේ කළ­ම­නා­කාර අධ්‍යක්ෂ රජීව් රාජ­පක්ෂ, නව දෙහි­වල ශාඛාව විවෘත කරන ලද අව­ස්ථාව.

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය, සිය ශාඛා ජාලය පුළුල් කරමින් නවතම ශාඛාවක් දෙහිවලදී විවෘත කරන ලදී. මෙම ශාඛාව හරහා, දෙහිවල ප්‍රදේශයේත් ඒ අවටත් සිටිනා සියලුම පාරිභෝගිකයන් හට අගනා සේවාවක් සැපයීමට එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනය සූදානමින් සිටී. තවදුරටත් සිය ශාඛා ජාලය පුළුල් කිරීමේ අරමුණින් මෙවන් නවතම ශාඛා කිහිපයක්ම ඉදිරියේදී කොළඹ නගරය තුළ සහ ඉන් පිටත විවෘත කිරීමට ආයතනය සැලසුම් කර තිබේ.

එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ සියලුම ප්‍රදර්ශනාගාර මනා වෘත්තීයමය පුහුණුවක් ලැබූ සේවක මඬුල්ලකින් සමන්විත වන අතර, සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගිකයන් සඳහා උසස් වර්ගයේ අක්ෂි හා ශ්‍රවණ නිපැයුම් ඉතාමත් සාධාරණ මිල ගණන් යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම නවීන ප්‍රදර්ශනාගාරය එරික් රාජපක්ෂ දෘෂ්ටි විශේෂඥ ආයතනයේ නව ව්‍යාප්තිය යටතේ විවෘත කරන ලද පළමු ශාඛාව වන අතර මෙහිදී Prada, Gucci, Vogue, Rayban, Michael Kors, Polo Ralph Lauren, Polar Sun වැනි ජාත්‍යන්තර සන්නාමයන්ගේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි මාදිලි රැසක්ම තෝරා ගැනීමේ හැකියාව පාරිභෝගිකයන් හට පවතී. තවද අක්ෂි දෝෂ පරීක්ෂණ සඳහා උපයෝගී කර ගැනෙනා උසස්ම තාක්ෂණයේ වර්තන යන්ත්‍රයකින්ද මෙම ශාඛාව සමන්විත වෙයි. 

Comments