කොවිඩ් 19ට එරෙහිව NOVID Antiviral සහ Antibacterial Spray හඳුන්වා දෙයි | සිළුමිණ

කොවිඩ් 19ට එරෙහිව NOVID Antiviral සහ Antibacterial Spray හඳුන්වා දෙයි

 

මල්ටිලැක් කෙයා, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) හා එක්ව කොවිඩ් 19ට එරෙහිව කටයුතු කිරීමේ පුරෝගාමී අභිලාෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම Antiviral සහ Antibacterial Spray මෑතක දී හඳුන්වා දෙන ලදි.

කොරෝනා වෛරසය 99%ක් විනාශ කිරීම සදහා නව NOVID antiviral සහ antibacterial spray එළි දැක්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි.කෙටිකාලයකට පමණක් ඵලදායී වන සම්ප්‍රදායික විසබීජ නාසනයන් හා සැසදීමේ දීමෙහි ඇති වඩාත් සුවිශේෂී ලක්ෂණය නම්, NOVID antiviral සහ antibacterial spray එක්වරක් ආලේප කිරීම මගින් දිගු කාලයක් පවත්නා උසස් මට්ටමේ ආරක්ෂාවක් තහවුරු කිරීමයි.

නව NOVID antiviral සහ antibacterial spray ආලේප කරන ලද පෘෂ්ඨයන් මත ඇති වෛරසය සහ බැක්ටීරියා 99.9%ක් විනාශ කරන බවට එක්සත් රාජධානියේ ලන්ඩන් හි විද්‍යාත්මක වෛරස් පරීක්ෂණාගාරය විසින් තහවුරු කර ඇත.

Comments