Ocean Lanka සමාගමට නව කාර්යාල පරිශ්‍රයක් | සිළුමිණ

Ocean Lanka සමාගමට නව කාර්යාල පරිශ්‍රයක්

Fountain Set (Holdings) Limited, Brandix Lanka Limited, සහ Hirdaramani Group යන සමාගම්වල ගෞරවනීය හවුල් ව්‍යාපාරයක් වන Ocean Lanka (Pvt) Ltd පසුගියදා සිය නව කාර්යාල පරිශ්‍රයක් විවෘත කරන ලදි. මෙම සමාගම් අතර පවතින සහයෝගිතාවය සංකේතවත් කරමින් සුවිශේෂී උත්සවයක් සහ කොක්ටේල් සංග්‍රහයක් සමඟින් ඔවුහු මෙම අවස්ථාව සමරනු ලැබූහ.

පිළිගැනීමේ කතාවෙන් උත්සව සභාව අමතමින් Ocean Lanka හි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ඔස්ටින් අවු මෙසේ සිය අදහස් දැක්වීය. "අපගේ හවුල්කරුවන්, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් පාර්ශ­්වයන් සමඟ මෙම සුවිශේෂී අවස්ථාව සැමරීමට ලැබීම ඉතා සතුටට කරුණක්. මෙම සැමරුම අපගේ නව කාර්යාල පරිශ්‍රය සඳහාම පමණක් නොවේ, පැවති වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීමට නොහැකි වූ අපගේ 25 වන සංවත්සරයද මේ අවස්ථාවේදී අපි සමරනු ලබනවා. අපි නව පෙනුමක් සහ දැක්මකින් යුතුව Ocean Lanka හි නව යුගයකට අවතීර්ණ වී සිටින අතර එළඹෙන අනාගතය අපට ඉතා යහපත් වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා."

Fountain Set (Holdings) Limited හි විධායක අධ්‍යක්ෂ සහ උප සභාපති ආචාර්ය ලී ගැන්ග් විසින් මෙසේ සිය සතුට ප්‍රකාශ කළේය."Ocean Lanka නව කාර්යාලයට පැමිණීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා. මෙය අපගේ කර්මාන්තයට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් වන අතර ඉදිරි කාලය තුළ අපි එය ජය ගනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා."

“මම හිතන්නේ Ocean Lanka ශ්‍රී ලංකාවේ ප්‍රථම වෘත්තීය රෙදිපිළි කර්මාන්ත ශාලාවයි. Ocean Lanka හේතුවෙන් අපි, රෙදිපිළි මහන සහ ගොතන ජාතියක් වශයෙන් ප්‍රසිද්ධියට පත් වුණා. Ocean Lanka විසින් සිය රටට, කර්මාන්තයට, එහි කොටස්කරුවන්ට සහ එහි සේවකයින්ට ඉතා විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කරනු ලබනවා." Brandix Lanka Limited හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් මෙසේ සිය අදහස් දැක්වීය.

Comments