smartphone ගෙන ඒමට සිංගර් සමඟ vivo අත්වැල් බැඳ ගනී | සිළුමිණ

smartphone ගෙන ඒමට සිංගර් සමඟ vivo අත්වැල් බැඳ ගනී

සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී, ගෝලීය වශයෙන් ප්‍රමුඛතම smartphone නිෂ්පාදකයෙකු වන vivo හි මෙරට නිල බෙදා හරින්නා ලෙස අත්වැල් බැඳ ගැනීම පිළිබඳ පසුගිය දා ඉතා සතුටින් නිවේදනය කළේය. මෙම සහයෝගීතාව සමඟින් පාරිභෝගික ජනතාවට නවීන තාක්ෂණයෙන් යුත්, උසස් තත්ත්වයේ vivo smartphone මිල දී ගැනීම සඳහා අවස්ථාව ලබා දෙමින් මෙරට smartphone වෙළෙඳපොළේ නව පරිච්ඡේදයක් ඇරඹීමට සිංගර් සමාගම සූදානමින් සිටී.

මෙම සහයෝගීතාව පිළිබඳ ව අදහස් දක්වමින් සිංගර් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන පැවසුවේ, "නවෝත්පාදනවලින් සමන්විත, පාරිභෝගික කේන්ද්‍රීය සන්නාමයක් වන vivo සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. vivo smartphone දිවයින පුරා පුළුල් ලෙස ව්‍යාප්ත කිරීමට අපි නිරන්තරයෙන් කැප වෙනවා," යනුවෙනි.

vivo හි පෙරළිකාර තාක්‍ෂණය සහ නව නිපැයුම් අද වන විට ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති අතර, මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය smartphone පෙළක් ගෙන ඒමට සිංගර් සමාගම කටයුතු කරයි. vivo Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියාන් සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ, "අපගේ නිෂ්පාදන තුළ අන්තර්ගත උසස් තාක්ෂණය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දීමට vivo හි අපි නිරන්තරයෙන් කැප වෙනවා.

Comments