නිරිතදිග ආසියාවේ Coca-Cola මෙහෙයුම් උප සභාපති ලෙස අජේ විජේ බතීජා පත්වෙයි | සිළුමිණ

නිරිතදිග ආසියාවේ Coca-Cola මෙහෙයුම් උප සභාපති ලෙස අජේ විජේ බතීජා පත්වෙයි

අජේ විජේ බතීජා නිරිතදිග ආසියාව සඳහා වන බලයලත් මෙහෙයුම් (SWA) උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව Coca-Cola India නිවේදනය කරයි. කොකා-කෝලා සමාගම සමඟ ඇති අජේ ගේ වෘත්තීය ගමන වසර 24කට ආසන්න කාලයක් පුරා විහිදෙන අතර ඔහු අලෙවිකරණ සහ බලයලත් ව්‍යාපාරයන්හි විශේෂඥ දැනුමක් ඇති ප්‍රවීණයෙකි.

අජේ 1999 දී හින්දුස්ථාන් Coca-Cola Beverages Pvt. Ltd. (HCCBPL) සමඟ ඔහුගේ වෘත්තීය ගමන ආරම්භ කළ අතර එහිදී ඉදිරිපෙළ විකුණුම් කණ්ඩායම සහ සංවිධානය තුළ විවිධ භූමිකාවන් සහ තනතුරු හරහා ක්‍රමානුකූලව ඉදිරියට යන ලදි. ඔහු 2005 දී SabCo වියට්නාමයේ Mekong ඩෙල්ටා කලාපය සඳහා කලාප කළමනාකරු ලෙස තේරී පත් විය. ඔහු මෙම ප්‍රධාන භූමිකාව තුළ, වෙළඳපළ අවස්ථා ඉහළ නැංවීමට විකුණුම් මෙහෙයුම් සහ Mekong උපාය මාර්ග මෙහෙයවීය. Coca-Colaහි අලෙවි අධ්‍යක්ෂක ලෙස ඉන්දියාවට ආපසු ගොස් Share a Coke ව්‍යාපාරයට නායකත්වය දුන් ඔහු, සාර්ථක ලෙස INSWA (ඉන්දියාව සහ නිරිතදිග ආසියාව) වෙළෙඳපොළට පළමු වරට Coca-Cola Zero sugar (සීනි රහිත කොකා කෝලා) හඳුන්වා දුන්නේය. ඒකාබද්ධ අලෙවිකරණ ව්‍යාපාර හරහා ThumsUp ස්ථාපිත කිරීමට ද ඔහු මූලික වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සන්නාමය වඩාත් ජනාදරයට පත්විය.

2018-2020 දක්වා බංග්ලාදේශයේ කළමනාකරු ලෙස, ගෝලීය වශයෙන් Coca-Cola සමාගම තුළ, Coca-Cola TM හි හොඳම වෙළඳපළ 3 අතරට බංග්ලාදේශය ගෙන ඒම සඳහා අජේ බෝතල්කරණ හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කළේය.

Comments