යුනිටි සිස්ටම් නව පියවරක් තබයි | සිළුමිණ

යුනිටි සිස්ටම් නව පියවරක් තබයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බලයලත් තොරතුරු තාක්ෂණ සහ පරිගණක නිෂ්පාදන අලෙවිසැලක් වන යුනිටි සිස්ටම් ආයතනය සිය නවතම ශාඛාව පසුගියදා බම්බලපිටියේ දී විවෘත කරන ලදී. තම වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් උසස් තත්ත්වයේ නිෂ්පාදන අලෙවිය හා අලෙවියෙන් පසු සේවා සැපයීමේ විශ්වාසනීයත්වයේ ප්‍රතිඵලයක් ලෙස මෙම නව වෙළෙඳසැල විවෘතවීම හඳුන්වාදිය හැකිය. මීට පෙර Unity Plasa හි පිහිටා තිබූ මෙම වෙළෙඳසැල නව පෙනුමකින් හා අසමසම සේවා සැපයීම අරමුණ කරගනිමින් විවෘතවීම සුවිශේෂි කාරණයකි. එසේම අලෙවියෙන් පසු සේවා මධ්‍යස්ථානයක් ලෙස ද නව වෙළෙඳසැල ක්‍රියාත්මක වේ.

නවීනතම නිෂ්පාදනය රැසක් සමඟින් පරිගණක ක්‍රීඩාලෝලීන්, රැකියාවල නිරත වන පිරිස් මෙන්ම එදිනෙදා ජීවිතයේ පරිගණක භාවිතා කරන්නන් යන සියලු කාණ්ඩයන්ගේ විවිධ සේවා අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් යුනිටි සිස්ටම් ආයතනය නිරතුරුවම කැපවී සිටියි. බම්බලපිටියේ පිහිටි මෙම නව වෙළෙඳසැල වෙතින් පාරිභෝගිකයින්ගේ පරිගණක ක්ෂේත්‍රයේ ඇත්දැකීම් තවත් පුළුල් කරමින් වැඩිදියුණු කරන ලද නෝට්බුක්, සන්නාමගත පරිගණක, මෝනිටර් යන්ත්‍ර මෙන්ම මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් මිලට ගැනීමේ හැකියාව ද සහිතය.

2004 වසරේ ආරම්භ කරන ලද යුනිටි සිස්ටම් ආයතනය වර්තමානයේ ශ්‍රී ලංකාවේ පරිගණක නිෂ්පාදන අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රබල සන්නාමයක් බවට පත්වී ඇත.

Comments